IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කන්දකාඩුවට ලබන මස මුල සිට යළි පුනරුත්ථාපනලාභීන් බාර ගනී

(ජයන්ත සමරකෝන්)

දැනට පුනරුත්ථාපනලාභීන් බාරනොගන්නා කන්දකාඩු පුනරුත්තාපන හා ප්‍රතිකාර මධ්‍යස්ථානය ලබන මස මුල සිට නැවත ආරම්භ කරන බව කොමසාරිස් ජනරාල් කාර්යංශය පවසයි.

කොවිඩ් -19 වසංගත තත්ත්වය හා ආසාදිතයින් හඳුනා ගැනීම හේතුවෙන් අධිකරණ නියෝග මත පුනරුත්තාපනයට යොමු කෙරුණූ මත්ලෝලී රැඳවියන් බාරගැනීම පසුගිය ජුලි මාසයේ සිට නතර කර ඇතැයි එහි කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා අද (11) පැවසීය.

දැනට කෝවිඩ් 19 ආසාදිතයින් 11 ක් එහි ප්‍රතිකාර ලබන බැවින් ඔවුන් පිටව ගිය පසු පුනරුත්ථාපනය සඳහා මත්ලෝලී රැඳවියන් බාරගන්නා බවද ඒ මහතා කීය.

මේ වන විට වසරක පුනරුත්ථාපන කාලයක් සඳහා මත්ලෝලීන් 899 ක් රඳවා ඇතැයි ද 2013 සිට මේ දක්වා 6000 කට අධික මත්ලෝලීන් පිරිසක් සමාජගත කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

කන්දකාඩු හා සේනපුර මත්ලෝලී රැඳවියන් පුනරුත්ථාපනය කරන දිවයිනේ එකවර 1000 ක් පුනරුත්ථාපනය කරන එකම මධ්‍යස්ථාන දෙක බවද එම කාර්යාංශය පවසයි.



අදහස් (0)

කන්දකාඩුවට ලබන මස මුල සිට යළි පුනරුත්ථාපනලාභීන් බාර ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site