
(සුමිත් ප්‍රේමතිලක )
පානදුර සහ වාද්දුව ප්‍රදේශවල මහමග ගමන් ගන්නා කාන්තාවන්ට තියුණු ආයුධ එල්ලකර බියගන්වා ජංගම දුරකථන සහ මුදල් කොල්ලකෑම් සිදුකළ සංවිධානාත්මක සොර කල්ලියක සාමාජිකයින් තිදෙනෙකු අද (03) අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය කියයි .
මෙහිදී අත්අඩංගුවට පත්ව ඇත්තේ, පානදුර , පින්වත්ත සහ මොරොන්තුඩුව ප්‍රදේශවල පදිංචි (27) , (31) සහ (32) හැවිරිදි පුද්ගලයින් තිදෙනෙකු බව පොලිසිය කීය.
ප්‍රදේශයේ ආරක්ෂිත කැමරා පරීක්ෂා කිරීමෙන් පසු තියුණු පිහි දෙකක් සහ මන්නයක් සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන සොරකම් කරන ලද නවීන ජංගම දුරකථන 2 ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරුවන් පානදුර ,එළුවිල , පින්වත්ත සහ වාද්දුව ප්‍රදේශවල කොල්ලකෑම් සිදුකර ඇති අතර , තදින් මත්කුඩු පානයට ඇබ්බැහිවී ඇති සැකකරුවන් සොරකම් කල මුදල් මත්කුඩු පානයට වැයකර ඇතැයිද පොලිසිය කීය.
සැකකරුවන් පින්වත්ත පොලිසියට භාරදි ඇති අතර , පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .
කළුතර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරී අශෝක වීරක්කොඩි, සහකාර පොලිස් අධිකාරීවරුන් වන අර්ජුන් කොඩිකාර සහ ජනක කුමාර යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.එල්.ඒ.නයනජිත් මහතාගේ ප්‍රධානත්වයෙන්, උප පොලිස් පරීක්ෂක අතුල සැරයන් වරුන්වන නෙළුම් බණ්ඩාර (30787) , සමන්තිලක (41104), කොස්තාපල්වරුන් වන ප්‍රසන්න (69479), වසන්ත (69818) සහ පොකොරි , ප්‍රසංජන (97057) වැටලීමට එක්වූහ

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.