(අජන්ත කුමාර අගලකඩ)
රජයේ ආයතනවලට තාවකාලිකව අනියම් ආදේශක හා කොන්ත්‍රාත් පදනම යටතේ බඳවා ගෙන ඇති කාර්යාල සහායක සේවකයන් හා රියදුරන් ස්ථිර කිරීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඒ සඳහා තොරතුරු ඉල්ලා ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්,දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත චක්‍රලේඛනයක්ද අද (18) නිකුත් කර ඇත.
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මෙම චක්‍රලේඛනය නිකුත් කර තිබේ.
ස්ථිර කරනු ලබන කාර්යාල සහයක සේවකයන් හා ඒකාබද්ධ රියදුරන් දින 180 ක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කර තිබිය යුතු අතර ඒ සඳහා වන නියමිත අධ්‍යාපන සුදුසුකම්ද සපුරා තිබිය යුතු වේ.
අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති සේවකයින්ට ආයතන ප්‍රධානීන් විසින් තාවකාලික පත්වීම් ලිපි නිකුත් කරනු ලබන අතර තාවකාලික පත්වීම් ලිපි නිකුත් කර මාස තුනක් ඇතුළත විධිමත් පත්වීම් ලිපි නිකුත් කිරීම සඳහා ලිපි ගොනු ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත එවන ලෙසද එම චක්‍රලේඛනයෙන් උපදෙස් දී ඇත.
සිව් දිනකට ඉහතදී හමා ගිය සුළඟක් සමග ඉංගිරිය ඇතුළු ප්‍රදේශ රැසක කිලෝ මිටර් 4 ක පමණ දුර ප්‍රමාණයක විදුලිය ඇණ හිටීමත් සමඟම නැවත යථා තත්වයට පත් කිරිමට විදුල
රණවිරුවන් යුධ අපරාධ කරුවන් ලෙස තීරණය කිරීමට එක්සත් රාජධානිය කළ පරීක්ෂණය කුමක්දැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ශ්රී ලංකාවට එන ආයෝජකයන් පණ මෙන් සුරැකිය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
කාන්තාවන්ගෙන් 90% ක් තම ජීවිත කාලය තුළ අවම වශයෙන් එක් වරක් හෝ පොදු ප්‍රවාහනයේ දී ලිංගික හිංසනයට මුහුණ දෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරීනි අමරසූරිය මෙනවිය
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් නෙරපීම පිළිබඳව ඉදිරිපත් කෙරුණු යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ලබන 8 වැනිදා පාර්ලිමේන්තුවට
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
කොන්ත්‍රාත් සේවකයන් ස්ථිර කරන්න යයි
Pradeep Tuesday, 18 February 2020 04:49 PM
වැඩේ නරකම නෑ.. මහ මැතිවරණෙත් ළඟ ළඟ එන නිසා කොහොමත් තව කැරට් අල ටිකක් හබ්බවෙයි..
RaveendraWednesday, 19 February 2020 01:53 AM
දැන් මේවා අල්ලස් නොවේද ? බලන විට පාට, පක්ෂවල වෙනස විතරයි තියෙන්නේ ක්‍රියාවෙන් 225 ම එකම කට්ටිය.
lanka Tuesday, 18 February 2020 07:55 PM
එහෙනම් හෙට අනිද්දම තව බදු ටිකක් එහෙම වැඩි කරන්නත් වෙයි. ප්‍රශ්නය මේක නෙමෙයි. ප්‍රශ්නය තමයි මේ තනතුරු වලට පත්වෙන්නේ දේශපාලන හෙන්චයියන් නම් ඔවුන්ගෙන් ජනතාවට වැඩක් ගන්න පුළුවන් වෙයිද කියලයි.
Perera Tuesday, 18 February 2020 11:29 PM
මේගොල්ලෝ 3/2 ලබාගන්න නොකරන දෙයක් නැති ගානයි. තැටිය රත් වෙලා තියෙන වෙලාවේ කොයි කවුරුත් තම තමන්ගේ රොටි පුච්ච් ගන්න එකයි ඇත්තේ.
kamal Wednesday, 19 February 2020 02:05 AM
අවුලක් නෑ අපි ගෙවනවානේ...
lalithm Wednesday, 19 February 2020 03:37 AM
මෙහෙම කරමු. යෝජනාවක් ගෙනෙමු දියවන්නාවේ 225 ට ගෙවන දේවල් සහ අනිත් ප්‍රතිපාදන කපාහැර මේ අයගේ පඩිනඩි ගෙවන්න. අර අලුතින් ගන්න ගිය 50,000 ටත් ගෙවන්න තරම් සල්ලි ඇතිවේවි. නැතිනම් අපරාදේ අගමැතිඳුන් ඉන්දියාවේ ගිහින් අමාරුවෙන් ඉල්ලා ගෙනාපු සල්ලිවලින් මේ අයට පඩි ගෙවනවා කියන්නේ මොන අපරාධයක්ද? මේ කොන්ත්‍රාත් සේවකයින් කව්රුවත් නැතිවත් මේ දිනවල ඒ ආයතනවල කටයුතු නිසි ලෙස සිදුවෙනවනේ.
Rasi Wednesday, 19 February 2020 03:54 AM
මේ සමාජෙම කොටසක් මේක කරන්න එපා කියලා මෙතන අදහස් දානවා. ඒ සමාජෙම තව කොටසක් මේක කරන්න කියලා උද්ගෝෂණය කරනවා. එතැනින්ම පේනවා සමාජය කාරණයකදී කොතරම් බෙදිලද කියලා. දේශපාලනය කරන අය මේකෙන් වාසි ගන්න එක ඉතින් අහන්න දෙයක් නැහැ. ඒ ගොල්ලෝ පුරවලා යනවා. මේ ගොල්ලෝ ස්ථීර කරනවා. නැවත මේ ගොල්ලෝ පුරවලා යනවා, ඒ ගොල්ලෝ ඇවිත් ස්ථීර කරනවා. මට කියන්න තියෙන්නේ මෙච්චරයි. පාලකයෝ හදන්නත් බැහැ, ජනතාව හදන්නත් බැහැ. "අමන ජනතාවක් ඉන්නකොට රටක් සැදිය නොහැකි යන්නට ශ්‍රී ලංකාව හොදම උදාහරණයක්" තව එකක් මම මේ දෙපැත්තම විවේචනය කරලා අර 3% අයට ඡන්දෙ දෙන්න කියලා එහෙම නෙවෙයි කිව්වේ. අපේ රටේ අද උදා වෙලා තියෙන තත්වයට, ලෝකේ ඉන්න හොදම පාලකයා ගෙනාවත් හදනවා බොරු.
Asanga Wednesday, 19 February 2020 04:07 AM
කවුරු ආවත් ඔහොම තමයි. මේවා දේශපාලන පත්වීම් නෙවේද ?
දහම් Thursday, 20 February 2020 02:53 PM
විශ්වවිද්‍යාලවල ඉන්න තාවකාලික ප්‍රදර්ශක / තාවකාලික ආචාර්‍ය වැනි ඒවාත් ස්ථීර කරන්න පුලුවන් නම් හොදයි. රටේ පවතින බුද්ධි ගලනය අඩුකිරීමට කටයුතු කරන්න.