
( තිළිණි ද සිල්වා )
කැනඩාවේ ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායක සභාවේදී සම්මත කරන ලද පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ පොදු පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රී ලංකාවේ දැඩි අවධානය යොමුව ඇති බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා කැනඩාවේ මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා හමුවේ පැවැසීය.
විදේශ අමාත්‍යවරයා සහ කැනඩා මහ කොමසාරිස් අතර පැවැති හමුවකදී විදේශ අමාත්‍යවරයා මේ බව පැවැසීය.
ශ්‍රී ලංකාවේ එන්නත් කිරීමේ වැඩසටහන හා ක්‍රමයෙන් රට විවෘත කිරීම සම්බන්ධ ප්‍රගතිය , දැනට පවතින දෙරටේ ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ අංශ ගණනාවක් පිළිබඳව මෙහිදි විදේශ අමාත්‍යවරයා සහ කැනඩා මකොමසාරිස්වරයා අතර සාකච්ඡා කෙරුනු බව විදේශ අමාත්‍යාංශය කියා සිටී. තවද අමාත්‍යවරයා මෑතකදී ශ්‍රී ලංකාව ජිනීවා හි සහ නිව්යෝර්ක් හි දී සිදුකළ බහුපාර්ශ්වික කටයුතු පිළිබඳව ද මහ කොමසාරිස්වරයා දැනුවත් කරන ලදි.
ශ්‍රී ලංකාව වසංගතයෙන් යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය සඳහා කැනඩාව විසින් ලබා දෙන දායකත්වය අමාත්‍යවරයා අගය කළේය.
මෙහිදී මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා කැනඩාවේ පශ්චාත් කොවිඩ් සුවපත් වීම සහ ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර ආර්ථික සහයෝගිතාව මෙන්ම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන වෙනත් කරුණු පිළිබඳව අමාත්‍යවරයා දැනුවත් කළේය.
ශ්‍රී ලංකාවේ පෙර පැවති ගැටුම්වලට අදාළව පිළිගත නොහැකි ආකාරයෙන් ජන සංහාරයක් ගැන සඳහන් කිරීම සම්බන්ධව ශ්‍රී ලංකාවේ විරෝධය ද ඇතුළුව, මෙම වසර මුලදී ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායක සභාවේදී සම්මත කරන ලද පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ පොදු පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රී ලංකාවේ දැඩි අවධානය යොමුව ඇති බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මෙම පනත ඔන්ටාරියෝ හි උත්තරීතර උසාවියේදී අභියෝගයට ලක් කරනු ලබන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
දශක ගණනාවක ත්‍රස්තවාදී ගැටුවලින් පසුව ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම සඳහා සිය ප්‍රයත්න ශ්‍රී ලංකාව විසින් අඛණ්ඩව සිදුකරමින් පවතින බව මහකොමසාරිස්වරයා හමුවේ කියා සිටි අමාත්‍යවරයා එල්ටීටීඊ සංවිධානය, කැනඩාවේ තහනම් කරන ලද ත්‍රස්තවාදී සංවිධානයක් බව ද සිහිපත් කළේය. මෙම ගැටළුව, ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායක සභාව විසින් ගනු ලැබූ තීරණයක් වන අතර, එය ව්‍යවස්ථාමය ප්‍රශ්නයකට අදාළව අධිකරණ ක්‍රියාවලියක පවතින බව මහ කොමසාරිස්වරයා සඳහන් කළේය. එහි ප්‍රවණතා පිළිබඳව අමාත්‍යවරයා දැනුවත් කිරීමට ඔහු එකඟ විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තියෙන විස්තර අනුව කැනඩාව යනු ඕනෑම ත්‍රස්තවාදියෙකුට රැකවරණය දෙන තැනකි. කර්මානුකූලව යම් දිනෙක එම ක්‍රියාව ඔවුන්ට පාරාවලල්ලක් වනු ඇත.
කැනඩාව යනු කිසිඳු ත්‍රස්තවාදියෙකුට රැකවරණය ලබාදෙන රටක් නොවේ. එල්ටීටීඊ සංවිධානය, බොහෝ ත්‍රස්තවාදී කණ්ඩායම් කැනඩාවේ තහනම් කර තිබේ. එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ සැකකරුවන් ඇතුළු ඕනෑම රටකින් කැනඩාවට පැමිණි සැකකරුවන් රටින් පිටුවහල් කරන රටකි. කැනඩාව යනු කැනේඩියානු නීතියට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව කටයුතු කරන්නා වූ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තීන් සහ මූලධර්මයන්ට අනුව කටයුතු කරන රටකි. ශ්‍රී ලංකාව මෙන් දේශපාලන පැවැත්ම වෙනුවෙන් හෝ දේශපාලන වාසිය තකා ඕනෑම ත්‍රස්තවාදියකු සමග දළදා මාලිගාවට බෝම්බ ගැසූ, භික්ෂූන් වහන්සේලා අමු අමුවේ ඝාතනය කළ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබිය යුතු ත්‍රස්තවාදීන් සිරෙන් නිදහස් කොට ඔවුන් සමග ආණ්ඩු කරන්නා වූ හෝ දේශපාලනය කරන්නා වූ රටක් නොවේ. ශ්‍රී ලංකාවේ දේශපාලකයින් ත්‍රස්තවාදීන් සමග එක පැදුරේ නිදාගනිමින් ජාත්‍යන්තර ප්‍රජාවට දෝෂාරෝපණය කිරීම ලංකාවේ තිබෙන්නා වූ වර්තමාන දේශපාලන ක්‍රමය ඇති දූෂිත බව ලංකාවේ දේශපාලකයින් විසින්ම මනාවට ගෝලීය ප්‍රජාවට පැහැදිලි කර ඇත. ලංකාවේ දූෂිත දේශපාලනය අවසන් කර ලංකාවේ ගමන් මාර්ගය වෙනස් කළ යුතුව ඇත...
කැනඩාවේ මහ කොමසාරිස්තුමාවත් අන්දන්න වගේ හදන්නේ... නේද?
NM ඔබගේ අදහස් නිවැරැදිය. සමහරු හිතාගෙන ඉන්නේ ලංකාවේ වගේ බලලෝබී, බඩගෝස්තරවාදී, දූෂිත නායකයින් වෙන රටවලත් ඉන්නේ කියලා. කොටි ත්‍රස්තවාදියෙකුට හොර පාස්පෝට් එකක් හදලා දීලා පිටරටකට යැව්වෙත් ලංකාවේ පාලකයෝ... ලියම් ෆොක්ස් එක්ක ඩීල් ගහපු එකත් රහසක් නෙවෙයි...