(තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකාවේ පවතින වත්මන් දේශපාලන වාතාවරණය පිළිබඳව විමසිලිමත්ව සහ අවධානයෙන් යුතුව බලා සිටින බව ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන කැනඩා මහකොමසාරිස් ඬේවිඩ් මැකිනන් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කැනඩා මහකොමසාරිස්වරයා මේ බව කියා සිටී.
නීත්‍යානුකුලව කටයුතු කිරිම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුලිකාංගයක් වන බවත්, ශ්‍රී ලංකාවේ ව්‍යස්ථාවට අනුව සියලූම පාර්ශවයන්ට කටයුතු කරන ලෙසට ද කැනඩා මහකොමසාරිස්වරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
එසේම ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වලින් වැලකි සිටින්නැයි සියලූ දෙනාගෙන් ඉල්ලා සිටින බවද කැනේඩියානු මහකොමසාරිස් ඬේවිඞ් මැකිනන් මහතා ප‍්‍රකාශ කර සිටී.
ලංකාවේ ජනතාවට මෙන්ම ජාත්‍යන්තරයටද ශ්‍රී ලංකා රජයෙන් සිදු විය යුතු වගකීම් නිසි ලෙස ඉටු කරන ලෙසද කැනඩා මහකොමසාරිස්වරයා රජයෙන් ඉල්ලා සිටී.
COMMENTS
ලංකාවේ ඡන්දෙ තියන්නේ නැතුව ඉන්නකොට, ප්‍රජාතන්ත්‍රවාදය නැති කරමින් ආණ්ඩුපක්ෂේ අගමැති, විපක්ෂනායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකකම ඔක්කොම එකම කණ්ඩායමක් (හංස කණ්ඩායම) කරනකොට කොහෙද මේ තානාපත්වරුන් හිටියේ ?
ඇත්ත කතාව... බල තණ්හාව ඇත ඇරලා කුලල් කා ගන්න එක ඇත ඇරලා දැම්ම නම් මේ ඔක්කොම ප්‍රශ්න ඉවර වෙනවා. රටට ආදරේ කැක්කුම කිසි කෙනෙක්ගේ නැහැ. තමන්ගේ ගොඩ වැඩි කර ගන්න හැම කෙනාම දගලන්නේ...
අවදානයෙන් ඉන්න හැබැයි ඇඟිලි ගහන්න එපා
මම හිතන්නේ රටේ බහුතරයක් මේ වෙච්ච වැඩේට අකමැති ඇති. කිසිම සදාචාරාත්මක් භාවයක් නැහැනේ.
ඉතින් බලන් ඉන්න අපිට පාන්ද?
අනේ ඇත්තට මේ රටවල්වලට වෙන වැඩ නැද්ද?
ඔය පැන්නේ බළලා එළියට...
පුදුම කැක්කුමක් තියෙන්නෙ මේ රටවලට