(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුසංඛ)
යාපනය , නුවර ඒ නවය මාර්ගයේ කනගරායන්කුලම කිලෝමීටර 216 වැනි කණුව අසලදී යතුරු පැදියක් ලොරි රථයකගැටී පොලිස් කොස්තාපල්වරයකු හා තවත් පුද්ගලයකු අද උදෑසන (03) ජීවිතක්ෂයට පත්ව ඇතැයි කනගරායන්කුලම පොලිසිය පවසයි.
යාපනය දක්වා ගමන්ගත් ලොරි රථයක් කාර්මික දෝශයක් හේතුවෙන් මාර්ගය අසල නවතා තිබියදී පසුපසින් පැමිණි යතුරු පැදිය ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.
මියගොස් ඇත්තේ මඩකලපුව පොලිස් මූලස්ථානයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් කොස්තාපල් (94584) ජෙයමූර්ති රිෂිකාන්තන් (19) නැමති යාපනය නල්ලූර් ප්‍රදේශයේ පදිංචිකරුවකු හා ඔහුගේ මිත්‍රයාවූ යාපනය , පලාලි පදිංචි නික්මන් ධනුෂන් (20) නැමැත්තෙකි.
පොලිස් කොස්තාපල්වරයා තම යතුරු පැදියෙන් මඩකලපුව පොලිස් ස්ථානයේ සිට නිවාඩු ලබා පැමිණ ඇති අතර පෙරදින රාත්‍රියේ වවුනියාව ප්‍රදේශයේ මිතුරකුගේ නිවසෙහි නවාතැන්ගෙන තිබූ අතර උදෑසන මිත්‍රයාද සමඟ පොලිස් කොස්තාපල්වරයා යාපනය නිවසට ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවත් පොලිසිය පැවසීය.
පොලිසිය පැවසූයේ යතුරු පැදිය පැදවූ පොලිස් කොස්තාපල්වරයාට වේගය පාලනයකරගැනීමට නොහැකිවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට සැකපලකරන බවයි.
අනතුර සම්බන්ධයෙන් ලොරිරථයේ රියදුරු කනගරායන්කුලම පොලිසිය විසින් අත්අඩංගුවටගෙන ඇති අතර ඔහු වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මියගිය පොලිස් කොස්තාපල්වරයාගේ සහ අනෙක් පුද්ගලයාගේ සිරුරු සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇත.
කනගරායන්කුලම රථවාහන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


(ඡායාරූප - සිතුම් චතුරංග)

(ඡායාරූපය-රොමේෂ් මධුසංඛ)
2025 දෙසැම්බර් මස 16
114
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
918
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කනගරායන්කුලම රිය අනතුරකින් කොස්තාපල් ඇතුළු දෙදෙනෙක් මරුට
Ranjith Wednesday, 03 June 2020 06:43 AM
කුමන ජාතියකට අයත් වුවත් මේ නිලධාරින් රජයේ සේවකයන් ලෙස රටේ සාමය රකින්නන්... මොවුන්ට නිවන් සුව පතමු.
de silva Wednesday, 03 June 2020 09:25 AM
පාර අයිනේ නවතලා තිබුණු වාහනයක, අධික වේගයෙන් පැමිණි යතුරු පැදියක් ගැටුණාම වාහනයේ රියැදුරු අත්අඩංගුවට අරගන්න ඕනෙද? කරුණාකර මේ කාලයට ඔබින්නේ නැති නීතිරීති ගැන නැවතත් සමාලෝචනය කර බලන්න. සාමාන්‍ය මනුෂ්‍යයිනුත් අපරාධ කාරයින් සමග හිරකූඩුවට දැම්මාම.. ඔවුන් නිකන්ම අපරාධකාරයන් සමග ඇසුරට වැටී අපරාධ කිරීමට පෙළඹෙයි.
Jay Wednesday, 03 June 2020 09:29 AM
ඔය ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගත්තා කිව්වට වඩා වෙන විදිහක් නැද්ද කියන්න...? පොලිස් භාරයට ගත්තා වගේ... මොකද මේ වගේ අවස්ථාවක රියදුරු අතේ වරදක් නැතත් ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන්නේ ඔහුගේ නිර්දෝෂී බව සනාථ කිරීම සදහායි. ඒ වගේ අවස්ථාවක් අත්අඩංගුවට ගැනීමක් වෙන්නේ නැහැ.