ඉන්දිකා රාමනායක
නාවික හමුදාව විසින් කන්කසන්තුරේ වරාය පරිශ්‍ර මුහුදු ප්‍රදේශයෙන් නව කොරල් පරයක් සොයා ගත් බව නාවික හමුදාව කියයි.
මෙම කොරල් පරය දියකඩනයේ මුහුදු දෙසින් මීටර් 400 ක් පමණ දිගට විහිදී ඇති බවත් මෙය මෙතෙක් සොයාගෙන නොතිබූ ඉතා දැකුම්කළු කොරල් පරයක් බව නාවික හමුදාව සඳහන් කරයි.
උතුරු නාවික විධානයට අයත් නාවික කිමිදුම් කණ්ඩායමක් විසින් පසුගිය සතිය පුරා කන්කසන්තුරේ මුහුදු ප්‍රදේශයේ සිදුකළ කිමිදුම් මෙහෙයුමකින් මෙම කොරල් පරය සොයා ගත් බවද නාවික හමුදාව කියයි.
උතුරු නාවික විධාන බාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීර මහතාගේ අධික්ෂණය යටතේ විධාන කිමිදුම් නිලධාරි සහ කිමිදුම් කාර්ය මණ්ඩලය විසින් මෙතෙක් නොදුටු මෙම කොරල් පරයක් සොයා ගෙන ඇති බව නාවික හමුදා සඳහන් කරයි.
සාගරයේ ජෛව විවිධත්වය සමතුලිත කිරීම සඳහා අත්‍යවශ්‍ය අංගයක් ලෙස කොරපර හඳුන්වා දිය හැකි අතර ස්වාභාවික හේතූන් නිසා හෝ හානිකර මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඒවා දිරාපත් වී ඇත.
මෙම තත්වය සැළකිල්ලට ගනිමින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත උතුරු මුහුදේ දිය යට ස්ථාන සංරක්ෂණය කර මෙම කොරල්පර ආරක්ෂා කිරීමට උතුරු නාවික විධානය කටයුතු කරමින් සිටින බවද නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.


COMMENTS
මේක ඉතා වැදගත් සොයා ගැනීමක්, මෙය අලුත් කොරල්පරයක් නම් එය අති විශේෂ ආරංචියක්... මොකද වර්තමානයේ සාගර උෂ්ණත්වය ඉහළ යාම නිසා කොරල්පර මත වර්ධනය වන ඇල්ගී ඉවත් වීමෙන් ඒවා බ්ලිචින් වීමක්, අවර්ණ වීමක් වෙනවා. ඒ නිසා කොරල් ජීවින් මියගොස් කොරල් පර මරණයට පත් වෙනවා. මෙය ලෝකය පුරාම සිදුවන සංසිද්ධියක්, ලෝකයේ විශාලම කොරල් පරය වන ඕස්ට්‍රේලියානු මහබාධක පරය මිය යාම නිවේදනය කලෙත් මේ වසරේදීයි. සාගර විද්‍යාඥයින් සතුව මේ විනාශය වළක්වා ගැනීමට කිසිම විසඳුමක් තිබුනේ නැහැ. ඔවුන් බලා සිටියේ ස්වාභවිකවම ඉහළ උෂ්ණත්වවලට ප්‍රතිරෝධී කොරල් පර කොහේ හෝ ස්වාභාවිකවම ඇතිවන තෙක්. ඉතින් දැන් ලංකාවේ එබඳු අලුත් කොරල් පරයක් තිබෙනවා නම් එය ලෝකයට ම ඉතා වැදගත් ආරංචියක්... මෙයින් අලුත් කොරල්පර වවා ගැනීමට හැකියාව ලැබේවි...!!!
"යමන් බණ්ඩෝ කොරල් බලන්න" අයියෝ මේකෙත් අවසානයද මේ?
අපොයි එහෙනම් සාටක පවුලෙන් ඕක ආරක්ෂා කරගන්න වහාම..
අනේ තියෙන තැන මුහුණු පොතට දාන්න. බුරුතු පිටින් ගිහින් විනාශ කරන්න අපි හරි දක්ෂයි. හික්කඩුවේ අපි වැඩ දැක්කා නේද? භූමිතෙල් බෝට්ටු දාලා බෝට්ටු කොරල් උඩ පාර්ක් කරලා, මැරිච්ච කොරල් පෙන්නලා ගාණක් කඩාගන්න...
සාලිය, ලෝකේ පුරාම හිඟාකකා අන්තර්ජාතික යාචක අතමාරුවෙන් ජීවිතේ ගැට ගහගන්න ඔබට මුදලින් පමණක් නොවෙයි බුද්ධියෙනුත් අගහිඟකම අඩුනැති බව පෙන්නුම් කරයි. මේ කොරල් පරය තම්බා කන්න වලිකන්නේ ඔබ වැන්නවුන් තමයි...