(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
මුතුරාජවෙල තෙත් බිම්වලට අයත් මීගමුව, වත්තල සහ ජා ඇළ ප්‍රදේශවලට අයත් ඉඩම් අක්කර 3,000කට අධික ප්‍රමාණයක් ගැසට් නිවේදනයක් මගින් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර ඇත.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, නාගරික සංවර්ධන අධිකාරිය, එහි සභාපතිවරයා, මධ්‍යම පරිසර අධිකාරිය, වත්තල, මීගමුව සහ ජා ඇළ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ සිටිති.
කාදිනල්තුමන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ රිට් පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ ඉකුත් ඔක්තෝම්බර් මස 07 වනදා නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මගින් මුතුරාජවෙල තෙත්බිම් ප්‍රදේශවලට අයත් වන අත්කර 3,000කට අධික බිම් ප්‍රමාණයක් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමට තීරණය කර ඇති බවය.
මේ හේතුවෙන් අදාළ ප්‍රදේශයේ පදිංචි ජනතාවගේ ජීවනෝපායට දැඩි බලපෑම් එල්ල වන බවත් , ඔවුන්ගේ පදිංචියටද දැඩි අභියෝගයට ලක්වන බව කාදිනල්තුමන් සිය පෙත්සමෙන් කියා සිටිති.
ඒ අනුව අදාළ භූමි ප්‍රමාණය නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමට ගෙන ඇති තීරණය අඩංගු ගැසට් නිවේදනය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන්නැයි කාදිනල්තුමන් පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.
COMMENTS
මහජනතාවගේ ජීවනෝපායට දැඩි බලපෑම් එල්ල වෙනවා කියන්නේ හොරෙන් ගෙවල් හදන් ඉන්න අයට යන්න වෙනවා කියන එකද?
මුතුරාජවෙල විනාශ වීම මහ අපරාධයක්. ඒත් ඔය විරෝධතා වලින් වෙන්නේ ආණ්ඩුවේ සංවර්ධන කටයුතු නැවතිලා, වෙන වෙන ව්‍යාපාරිකයින් හිමීට ඕක ගොඩ කර ගන්න එක. ඕක කොහොමත් තව අවුරුදු 6ක් විතර යනකොට නැති වෙලාම යයි. දැනටත් හොර ව්‍යාපාරිකයො රෑට රෑට ඕක ගොඩ දානවා.
ඕක ගොඩකරලා පල්ලි හැදුවාට කමක් නැද්ද මහත්තයෝ?. ඔය මහත්තුරු පොඩ්ඩක් මැප් එකේ බලන්නකො මුතුරාජවෙල ගොඩකරලා ගම්මාන හදාගෙන එන හැටි. ඒ ගම්මානවල රක්ෂිතය ආසන්නයේම තියෙන්නේ පල්ලි තමයි. එහෙනං ඒවත් හොඳ නෑ නේද?
ඕක රජය ගොඩ නොකරාට ඔයාලගේ අය තමයි ඕක ගොඩ කරන්නේ. එයාලා ඉස්සෙල්ලාම ඔය වෙල මැද්දේ පල්ලියක් අටවලා ඔයාලට බාර දෙනවා. ඊට පස්සේ ඔයාලා සද්ද නැතුව ඉන්නවා. එයාලා රෑට ගොඩකරනවා. හරිම සරලයි. අපි නොදන්න මොනරතැන්න....
කාදිනල්තුමත් ඕනවට වැඩියි
කාදිනල් තුමෙනී, විනාශයේ අභිමුඛයේ සිටින ජාතියක් බේරාගන්නද මේ දඟලන්නේ? මේ ප්‍රදේශය විනාශ කිරීමේ බලපෑම කතෝලිකයින්ට පමණක් සිදුවේ යයි ඔබ තුමා විශ්වාස කරනවද? සමස්ත ජාතියේ අවසානය තමයි මේ. මනුස්සයින් විනාශ කිරීමට ප්‍රථම ඔවුන්ව දෙවියන් විසින් පිස්සන් කරන බව වත් අසා නැද්ද? තේරුමක්, පලක් නොමැති දෙයකට ඇයි වෙහෙසෙන්නේ? "ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලලා පලක් තියෙයිද" යක්ෂයින්ගේ පරම්පරාවෙන්ද ඔබ තුමා මේ යුක්තිය බලාපොරොත්තු වන්නේ? අනේ මන්දා ඔබ තුමත් ඉතින් පාප මිත්‍රයින් ඇසුරෙන් නොමග ගොස් දැන් මනස්ථාප වී පසුතැවී නාහෙන් හඬන බව තමයි මට නම් හැඟෙන්නේ?
පලකොට ඇති අදහස් වලට විරුද්ධව ඩිස්ලයික් ගොඩයි... ඇත්තටම මෙතුමා වැඩිපුර කථා කරන්නේ එයාගේ ආගමට සම්බන්ධ ප්‍රශ්න වලදී පමණක් කියලා පසුගිය වසර දෙකක් පමණ කාලයේ සිදුවීම් වලින් පැහැදිලි වෙනවා... ඇත්තටම මේ කලාපය ගැන කවුරු හෝ සත්‍ය විස්තරයක් දෙන්න..
මුතුරාජවෙල රක්ෂිතයක් නම් අදාළ ප්‍රදේශයේ පදිංචි ජනතාවගේ ජීවනෝපායට රක්ෂිතයේ මොනවද කරන්නේ කාදිනල් තුමා? එතකොට රක්ෂිතය විනාස වෙන්නේ නැද්ද? ඔහෙලා සාම්පුර් විදුලිබලාගාරය ගොඩනැගීමට විරුද්දව දාපු ජාති මෙතනටත් දමන්න එපා.
කතෝලික සභාවේ මිනිස්සු පවුල්පිටින් වෙනත් අගම් වෙත යොමුවෙමින් සිටිනවා. කාදිනල් තුමාට එ්වාට විසඳුම් හොයන්න කාලයක් නැහැ... ජ-ඇල, මීගමුව, වත්තල පැත්තේ ඉන්න දේශපාලුවන්ගේ වැඩකොටසක් ක්‍රියාත්මක කරමින් සිටිනවා. බොහොමත්ම හොඳායි...
ඔබ වහන්සේගෙනුත් දැන් අහන්න තියෙන්නේ ‘‘දැන් සැපද‘‘ කියලා තමයි...!!!
මුතුරාජවෙල රක්ෂිතයක් නම් අදාළ ප්‍රදේශයේ පදිංචි ජනතාව රක්ෂිතයේ ජීවනෝපාය කරන්නේ කොහොමද? එතකොට රක්ෂිතයට හානිවෙන්නේ නැද්ද?
අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ තීරණයට මම එකඟ වුණා.. අපි අපේ මාතෘභූමිය ආරක්ෂා කළ යුත්තේ අපට පමණක් නොව අපේ අනාගත පරපුර ගැන සිතීම වඩාත් වැදගත් විය යුතුයි. ඇයි අපි අපේ ඉඩම වෙනත් විදේශ සමාගම්වලට විනාශ කරන්න දෙන්න හදන්නේ. අපි මේක නැවැත්විය යුත්තේ දේශපාලකයන්ගෙන්.