
(සුජිත් හේවාජුලිගේ)
බොරැල්ලේ දේවස්ථානයකින් අත්බෝම්බයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් දිගින් දිගටම විමර්ශන පැවැත්වෙන හෙයින් ඒ විමර්ශන ආරම්භ කර පැය විසිහතරක් ගතවීමටත් පෙර චෝදනා නැගීම සාධාරණ නැතැයි ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවැසීය.
ඔහු මෙසේ පැවසුවේ එම සිද්ධියේ විමර්ශන සම්බන්ධයෙන් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා විසින් කරන ලද චෝදනා සම්බන්ධයෙන් කළ විමසුමකදීය.
විමර්ශන සම්බන්ධයෙන් හොඳ දැනුමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇති බවත් කාදිනල්තුමා සිතන ප්‍රමාණයටත් වඩා එහා ගිහින් එම නිලධාරීන් විධිමත් ආකාරයට විමර්ශන පවත්වා සැකකරුවන් නීතියේ රැහැනට හසුකර ගනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත් හෙතෙම සඳහන් කළේය.
එම සිද්ධියට සම්බන්ධ සියලු පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර ගන්නා බවට රටේ ජනතාවට සහතිකයක් ලබා දෙන බව පැවසූ ආරක්ෂක ලේකම්වරයා යම් විමර්ශනයක් අවසන් කිරීමට නිශ්චිත කාලයක් අවශ්‍යවන බවද ප්‍රකාශ කළේය.
පැය 24 කින් අත්අඩංගුවට ගැනීම් කළ හැකි නම් එය ප්‍රාතිහාර්යක් විය යුතු බවද ඔහු පැවසුවේය.
COMMENTS
උන් වහන්සේ පිළිතුරු දුන්නේ ඔබගේ පොලිස්පතිවරයා හා මාධ්‍ය ප්‍රකාශක කළ ප්‍රශ්න කළ ප්‍රකාශකයන්ට...
කාදිනල් තුමා කිව්වේ අත්අඩංගුවේ ඉන්නේ අවශ්‍ය කරන අය නෙවෙයි කියලනේ... ඒක තේරෙන්නේ නැති ආරක්ෂක ලේකම් කෙනෙක් මොකටද?
නීතියේ රැහැන කියන එක රබර් පටියක් වගේ.. නේද? සමහරතැන්වලදී ඇඬෙනවා. නැමෙනවා..!!! පුදුමයි!!! ...
අනේ නිකන් යන්න. දැන් ඇල්ලුවේ රෙද්දද පාස්කු බෝම්බ කාරයින්ගේ..? හෙණම ගහනවා.
පරීක්ෂණ සහ නිගමන සඳහා ආරක්ෂක අංශවලට යම් කාලයක් දී නිහඬව සිටීම වඩා සුදුසුයි.
පාස්කු ප්‍රහරයට දින 1000... ඒ කියන්නේ පැය 24000... මෙච්චර කාලයක් ගිහින් මොකක්ද ඇල්ලුවේ? නිකන් බයිලා ගහන්නේ නැතිව ඉන්න...
ගහයි කියලා දැනගෙන හිටියා... හැබැයි මෙහෙම ගහයි කියලා හිතුවේ නෑ කිව්ව කෙනා වගේම තමයි.
අපේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ දේශපාලුවන්ට ඕනෑ විදියට. අපි ඔය ගැන දැනගෙන සෑහෙන කාලයක් වෙනවා. ඇත්ත තිත්තලු...
අනෙක් රටවල් වලට සාපේක්ෂව අපේ රටේ දේශපාලකයෝ ගොඩක් අත දානවා හැමදේටම... හැබැයි කවදාහරි ගෙවන්න වෙනවා.. ඕවා.. ඒකයි ඇත්ත.
මෙතුමා වුණත් ජනාධිපතිවරණයට කලින් පුරුසාරම් දෙඩුවේ පාස්කු ප්‍රහාරයට අදාල සියලු දෙනාම ජනාධිපති ජයග්‍රහණය කරපු ගමන් අල්ලනවා වගෙයි. ඒ ඔක්කොම කරලා තියෙන්නේ බොරුවක් කියලා මතක් වෙද්දී මට නම් මම ගැනම තරහක් එනවා.
කයිවාරුව විතරයි... මේකත් පාස්කු ප්‍රහාරය වගේම වෙයි.
මූට නම් මොලේ කලඳක් වත් නැහැ වගේ
ඔය පල්ලිය ඇතුලට ඇවිත් පහරලා ගිය කුක්කාගේ මහ එවුන් කාදිනල් තුමාට සද්දෙට බුරන එකට එතුමා චීන ආහාර වේලකින් සංග්‍රහ කළා කියලයි අපට ආරංචි. මොකද ඉතින් බල්ලෝ එතුමාට බිරුවයි කියලා කාදිනල් තුමාට බුරලා හපා කන්න පුලුවන්ද මේ දඩාවතේ යන හොරිකඩ බල්ලන්ව??
අවුරුදු 30ක් පුරා බෝම්බ නොදැකපු කාදිනල් තුමා දැන් බෝම්බ දකිනවා.. ඒ පිළිබඳව සොයාබලනවා... සතුටුයි.
මම මේ බලාගෙන හිටියේ අර බමුණුආරච්චි කියන නාමයෙන් ලියන, කුලී ලියන්න තාම මුකුත් කිව්වෙ නැත්තෙ මොකද කියලා. කුලියට ලියන උන්ටයි මම මේ කියන්නේ පොලිස් පතිගේ, ආරක්‍ෂක ලේකම්ගේ, විතරක් නෙවෙයි, හෙලෝ තමන් පුටීන් කියලා හිතා හිතාගෙන ඉන්නේ වැඩ බැරි ටාසන්ගේත් කෝට් බෑය ටයි එක විතරක් නෙමෙයි යට ඇඳුම් පවා නියම මහජන බලවේගයකට ගලවා දැමිය හැකි බව විතරක්, මතක තබා ගන්න.
ආරක්ෂක ලේකම් තුමනි ඔබ ඔබේ වටිනා කාලය නාස්තිකරනවා.
වීර චරිතයක් වන චමල් රාජපක්ෂලාට සුදු හුණු ගාන්නට ගොස් ළඟදීම මහජනයා අතර පුස්සෙක් වනු ඇත .ගරුත්වය තියාගෙන ඉල්ලා අස් විය යුතුය
ජාතිවාදීන් ආණ්ඩු කරන්න ගිහිල්ලා දැන් හොම්බ ඇනගෙන ඉවරයි ,තවත් එනවා නාඩගම් නටන්න