(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා අනිද්දා (6) දිනයේ ඉදිරිපත් නොකරන බව ආරක්ෂක සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සියලුම පාර්ශවවලට සහ රටේ මහජනතාවට තවදුරටත් සාකච්ඡා කිරීමට ඉඩ සලසා දී යුතු බවට තමා විශ්වාස කරන හෙයින් පනත් කෙටුම්පත වෙනත් දිනයක විවාදයට ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා මේ ප්‍රශ්නය මතු කළේ සභාවේ කටයුතු ආරම්භයේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටින්ව පරාජය කලාට, නරින්ව පරාජය කරන එක ලේසි නැහැ කියලා තේරිලා වගෙයි. කොහොමත් ඉතින් නරි, කොටි වගේ නෙවෙයි, සද්දෙයි, දුර්ගන්දෙයි දෙකම එකවිට පිට කරනවා. දරා ගන්න අපහසුයි.
බහුතරය අකමැති දේවල් මොකටද මේ ආණ්ඩුව කරන්නේ
ඒ කියන්නේ අරගොල්ලෝ දිගටම පාරේද ?
මේ තරම් දේශ පාලනයෙන් සැප ගත්ත, හම්බ කරපු පවුලක් නිදහසින් පස්සෙ මෙරට බිහි වුනේ නැහැ. රට්ටුන්ගේ ප්‍රාර්ථනාව විය යුත්තෙ මේ මහා මුදල් සම්භාරය කවදා හෝ රටේ මිනිසුන් අතට පත් කර ගැනීමය.