IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කොතලාවල පනත ඇතුළු පනත් 4ක් මේ සතියේ විවාදයට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් හතරක් සහ කොරෝනා මර්දන  කටයුතු වෙනුවෙන්  සෞඛ්‍ය අමාත්‍යාංශයට  මුදල් ප්‍රතිපාදන වෙන් කෙරෙන පරිපූරක ඇස්තමේන්තුව අනුමැතිය සඳහා  පාර්ලිමේන්තුවට මේ සතියේ ඉදිරිපත් කෙරේ.

පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (3) පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතය.

පාර්ලිමේන්තු රැස්වීම් හෙට (3) සිට ලබන 6 වැනිදා සිකුරාදා දක්වා දින හතරක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව මෙයට ඉහතදී  තීරණය කළේය.

පාර්ලිමේන්තුවේදී අද පැවැත්වෙන්නේ  ශ්‍රී ලංකා මහ බැංකුවේ  2020 වසර සදහා වන  වාර්ෂික වාර්තාව පිළිබඳ විවාදයයි. සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් ලෙස මෙය  පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා  පැවැත්වෙනු ඇත.

ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත  අනිද්දා (4) පෙරවරු 11.00 සිට පස්වරු 4:30 දක්වා  විවාදයට ගැනීමට නියමිතය.

එන් අනතුරුව සභාව කල් කල් තබන අවස්ථාවේ විවාදය  පස්වරු 4:30 සිට පස්වරු 5.30 දක්වා  පැවැත්වේ.

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ  විනිමය කොමිෂන් සභා පනත් කෙටුම්පත සහ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේවන නියමයන් සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ 2021 වර්ෂය සඳහා වන පරිපූරක ඇස්තමේන්තුව 5 දා පෙරවරු 11 සිට පස්වරු 4.30 දක්වා  විවාදයට ගැනීමට නියමිතය.

එමෙන්ම සභාව කල් තබන අවස්ථාවේ විවාදය එදින පස්වරු 4:30 සිට පස්වරු 5.30 දක්වා  පවත්වන බව  පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි.

ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සහ ආගාමික හා විගාමික පනත යටතේ වන නියෝග  ලබන 6  වැනිදා 11.00 සිට පස්වරු 4.30දක්වා   විවාදය ගැනීමට නියමිතය.

එදින සභාව කල්තබන අවස්ථාවේ විවාදය පස්වරු 4:30 සිට පස්වරු 5:30 දක්වා  පැවැත්වේ.

පාර්ලිමේන්තුව පැවැත්වෙන දින හතරේදීම  පෙරවරු 10.00 සිට 11.00 දක්වා කාලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කරනු ලැබ ඇත .



අදහස් (2)

කොතලාවල පනත ඇතුළු පනත් 4ක් මේ සතියේ විවාදයට

Athula Monday, 02 August 2021 02:59 PM

මේ තක්කඩිකමට අත උස්සලා නම් එන්න එපා...

:       4       25

jagathMonday, 02 August 2021 04:12 PM

එහෙම කරලා ආවත් ඉතින් මොනවා කරන්නද?

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 31 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site