(යොහාන් භාසුර)
කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත ඔස්සේ අධ්‍යාපනය මිලිටරිකරණයට එරෙහිව සටන්කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති, සිවිල් සමාජ සංවිධාන, ශිෂ්‍ය සංවිධාන, ආගමික සංවිධාන, ජනමාධ්‍ය සංවිධාන ඇතුළු පාර්ශවයන් 67 ක සන්ධානයක් ලෙස ‘අධ්‍යාපනය මිලිටරිකරණයට එරෙහි ජනතා ව්‍යාපාර’ ලෙස සංවිධානයක් වැඩ ආරම්භ කර තිබේ.
විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව, ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය, අන්තර් සමාගම් සේවක සංගමය, සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය, සමස්ත ලංකා සුව සේවා සංගමය, සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය යන ප්‍රධාන වෘත්තීය සමිති මෙම සන්ධානයට ඇතුළත්ව තිබේ.
‘අධ්‍යාපනය මිලිටරිකරණයට එරෙහි ජනතා ව්‍යාපාර’ අද (27) කොළඹදී පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශාම බන්නෑහැක මහතා පැවසුවේ ආණ්ඩුවට තියෙන බලයත් සමඟ ඕනෑම කුණුගොඩකට අත උස්සලා සම්මත කරන බවත් නිදහස් අධ්‍යාපනයේ වටිනාමක දන්නා දරුවො පාරිලිමේන්තුවේ ඉන්නවා නම් ඔවුන්ට හෘද සාක්‍ෂියට එකඟව මේකට අත උස්සන්න බෑ කියන්න පිට කොන්දක් තිබුණොත් පාර්ලිමේන්තුවේ සම්මත නොවන බවත්ය.
මෙම පනත පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව කී මහාචාර්ය ශාම බන්නෑහැක මහතා පැවසුවේ එල්ල වන දැවැන්ත විරෝධය පිළිබඳව අවධානය යොමු කර පාර්ලිමේන්තුවට ගෙන ඒම පවා අත්හිටුවිය යුතු බවත්ය.
මෙම මාධ්‍ය හමුවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, ලංකා ගුරු සේවා සංගමයේ සහ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ, කම්කරු අරගල මධ්‍යස්ථානවේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව, නීතිඥා කෞෂල්‍යා ආරියරත්න සහ රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි යන මහත්ම මහත්මීහූ ඇතුළු වෘත්තීය සමිති සහ සිවිල් සංවිධානවල රැසක නිලධාරීහූ මේ අවස්ථාවට සහභාගි වූහ.
COMMENTS
මේක සයිටම් එක වගේ රටම නන්නත්තාර කරනවා... මේ ආයතනය වහලා දාන්න. එක්කෝ UGC එක යටතට ගන්න...
ඇයි මේ සල්ලි පිටට යන එක නවත්වන්න කැමති නැත්තේ
නිදහස් අධ්‍යාපනය රකින්නෙ, දොස්තර මුදලාලියි/ ටියුශන් මුදලාලියි / රජයේ සේවයට බැඳුන දවසේ ඉදල මඩිය තර කරන ආර්මාර්තකාමි මිනිස්සු ටිකක් හදන්නද. වසර 70 ට වුනේ ඒකයි
67 ජේවීපී කාරයෝ එකතු වෙති ...... එකම මිනිස්සු
ඔය කෑ ගහන මහත්වරුන්ගේ දරුවන් පිටරට ගිහින් ඉගෙන ගන්නේ...!!!
මේ රට හදන්න මේ සමිති කාරයින් ඉඩදෙන්නේ නෑ. ඉතින් කොහොමද වැඩක් කරන්නේ?
මේ පනත 2018 පැවති ආණ්ඩුවත් ගෙනාවා... ජෙප්පන්ගේ විරුද්ධත්වය නිසා පළවෙනි වරට අකුලා ගත්තා. දැන් මේ රජයත් එම පනත ගෙනෙන්නේ මෙය රටට අවශ්‍ය පනතක් නිසයි. බලයට එන රජයන් මේ පනත ගෙනෙනවා බලයට ඒමක් ගැන හිතන්න බැරි ගොබ්බ රැල විරුද්ධ වෙනවා. ඒ පුරුද්දක් හැටියට හා අපිත් ඉන්නවා කියලා රටට කියන්න...