
(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
නිදහස් අධ්‍යාපනය වැනසීමට මිලිටරි යාන්ත්‍රණය සකසන කොතලාවල පනත වහා හකුලා ගනු යන තේමාව යටතේ කොතලාවල පනතට එරෙහිව ඒකාබද්ධ මධ්‍යස්ථානය සංවිධානය කළ විරෝධතා රථ පෙළපාලියක් කොළඹ නගරයේ දී අද (01)පැවැත්විණ.
නුගේගොඩ සිට කොළඹ ලිප්ටන් වටරවුම දක්වා මෙම රථ පෙළපාළිය ගමන් ගත් අතර විශ්වවිද්‍යාල සිසුන් , සිවිල් ක්‍රියාකාරීන් , කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



COMMENTS
ණය ගනු, විශ්වවිද්‍යාල උපාධිධාරීන්ට රජයේ රැකියා දෙනු. පෙන්ෂන් දෙනු, බදු වැඩි කරනු... වී මිල වැඩි කරනු, හාල් මිල අඩු කරනු ,තෙල් මිල අඩු කරනු... සැමට රජයේ රැකියා ලබා දෙනු. අන්තර් ජාතික ඊනියා වෙළඳ ව්‍යාපාර වලට ඉඩ ලබා නොදෙනු . පොර්ට් සිටි නවතනු. රාජ්‍ය-පුද්ගලික ව්‍යාපාර නවතනු... රජයම ව්‍යාපාර කරනු... බදු මිල අඩු කරනු, රජයේ ආදායම වැඩි කරනු... ජවිපෙට රට බාර දෙනු..!
ජනාධිපතිතුමනී, 20 සම්මත කර ගත්තේ මොකටද? ඉන් ප්‍රයෝජන ගන්න. මේ කාලකන්නි ජෙප්පන්ට ඇහුම්කන් දෙන්න එපා. මේ පනත කාලීන අවශ්‍යතාවයක්.
හැමදාම මහ පාරේ ලැබෙන දේකුත් නෑ
රතුපස්වල වගේ වැඩට බහින්න සර්ට හයිය නැහැ වගේ දැන්...!
ඔක්කොම නිකන් දීලා රට සිංගප්පූරුවක් කරන්න කියලා තමයි මේ ඉල්ලන්නේ... සිංගප්පූරුවේ ඔක්කොම නිකන් දෙනවා කියලා තමයි හිතාගෙන ඉන්නවා ඇත්තේ.
රස්සාවල් කරන්නෑ.. පිනටලු ලැබෙන්නේ.. ඒ නිසා අනිකගේ රැකියාවත් නැති කරන්න හදන්නේ...