(යොහාන් භාසුර)
කොතලාවල විශ්ව විද්‍යාල පනතට එරෙහිව උද්ඝෝෂණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත වසන්ත මුදලිගේ සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප කෝවිඩ් ආසාදිතයන් ලෙස තහවුරු වූ බව සෞඛ්‍ය අංශ කියයි.
මෙම මෙම තිදෙනා බදුල්ල තල්දෙන රැදවුම් මධ්‍යස්ථානයේ දී කළ පිසීආර් පරීක්ෂණයෙන් ආසාදිතයන් ලෙස තහවුරු වී ඇති බව වැඩිදුරටත් දැනගන්නට තිබේ.
COMMENTS
අපිට ඕනේ හැමදාමත් අපි උපන්න අපේ රටට වෛර කරන්න. අපිට ඕනේ රට අස්ථාවර කරමින් සැමදාමත් දියව් දියව් කියමින් මහජනතාවට වදයක් වෙමින් පාරේ යන්න. අපි දියව් දියව් නිවටයින්ගේ අනුගාමිකයන් වන අන්තරේ ඉන්න බූරු අන්දරේලා. කිසිදා නොලැබෙන බලය වෙනුවෙන් අපි දිවිහිමියෙන් සටන් කරන්නෝය. මිට දියව් දියව් කුමාරගේ නැට්ටුවන් රැල ... අපේ සටනට ජය වේවා... "මොවුන්ගේ" දෙමාපියන් පව්.. අන්ත අසරණ ඒ වැදගත් දෙමාපියන්ට මේ කාලකන්නි පව් එකතු කරනවා මදිවට රෝගත් බෝ කරගෙන... වැඩකට නැති අය...
ඉතා හොඳයි
මේ වසංගතය අස්සේ මගුල් නටන්න ආපුු තව කී දෙනෙකුට වෛරසය ගිහින් ඇද්ද?. මේ මිනිසුන්ගේ නම් රස්සාව ඕනෑම රජයකට එරෙහිව උද්ඝෝෂණය කිරීමනේ...
මේ අය අත්අඩංගුවට ගත්තේ අගෝස්තු 3, 5 හා 6 දිනවල. බන්ධනාගාරගත කරන්නට පෙර සිදුකළ PCR පරීක්ෂණ නෙගටිව්. දවස් 20 ක් තල්දෙන බන්ධනාගාරයේ හිටියාට පසු කෝවිඩ් ආසාදිතයන් ලෙස තහවුරු වුනානම් රෝගයට ගොදුරු වී ඇත්තේ බන්ධනාගාරයේදී බව පැහැදිලියි. මෙය හිතාමතා මේ පිරිස අවධානමට ලක් කිරීමේ ප්‍රතිපලයක් මිස උද්ඝෝෂණ වලට සහභාගිවීම නිසා සිදුවූ දෙයක් නොවෙයි.
කොවිඩ් සීඝ්‍ර ව්‍යාප්තියට මෙම වීරයන් පැහැදිලිවම වගකිව යුතුයි. කිසිම විනයක් නැතිව පොදියේ පාර පුරා ගමන් කල 'ගුරු පොකුරද'....'රසායනික පොහොර පොකුරද'.... වගකිව යුතුයි.
මොවුන්ට කොවිඩ් හැදීම සම්බන්දයෙන් බන්දනාගාර පාලකයන් වග කිව යුතුය .දැනට මොවුන් අත්අඩංගුවට ගෙන දින 21 කටත් වඩා වැඩියි .ඔවුන් කොරනා රෝගීන් ලෙස රෝහල්ගත වී සිටියාම මේ වන විට රෝහලෙන්ද පිටව ගොස් ඇත
කොරෝන හැදිල තියෙන්නෙ බන්ධනාගාරයේදී බව පැහැදිලිය
නිර්වාන සම්පත් ලැබේවා, හුස්ම ගියොත්. ආයේ ඉපදෙන්න එපා නේ?
රට ගොඩගන්න නම් ඔන්න ඔය බැලුව දේ නතර කරන්න. මළගෙයක්, මගුල් ගෙයක්, උද්ඝෝෂණයක් ... මේ හැමදේටම පැනලා 7, 8 දෙනෙකුට කොරෝනා කියලා අනිත් සේරම නිරෝධායනය කරනවා. ඔය බැලුව දේ වහාම නතර කරලා PHI එවැනි දේවල් ආරම්භ වීමට පෙර පරීක්ෂා කරන්න ඕනේ අවශ්‍යම නම්...
කුහක වෙන්න එපා කඩේ යාම නවත්තන්න... ගුරු පොකුර වගේ මේකත් අතේ රෝල්, දින විසිඑකකට පස්සේ කොහොමද උද්ඝෝෂණ වලින් හැදුණා කියන්නේ..? මේකටත් තමුන්නැහෙලගේ රජය වගකිය යුතුයි.
මේ කොරෝනා නිසා රටම වහගෙන ඉන්න අතරේ මගුලටද ඔය කොතලාවල පනත ආණ්ඩුව හොරෙන්ම ගෙනාවේ? මේකේ වැරැද්ද ආණ්ඩුවේ මිස ඊට විරුද්ධ වුණු ළමයින්ගේ නොවේ... හඳ පෙන්නද්දී ඇඟිල්ලේ ඇද දකින මෝඩයින් මේ ළමයින්ට බනිනවා. අඩුතරමේ මේ ළමයින්ට තමන්ගේ දරුවන් වත් නැහැ තාම.... එ්ත් මේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටිනවා, අරගල කරනවා.. මෙහි දොස් දකින නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගන්න දරුවොත් ඉන්න නුඹලා නම් මිනිස්සු නොවේ...
ගුරුවරුන්ට කරන්න බැරිව ගියදේ ශිෂ්‍ය නායකයිනට කළා. අමානුෂීය අාණ්ඩුවක් මේක. මර්දනයේ අැරඹුමකි.
රජයේ රෝහල්වලට ඇතුළු නොකර ගෙදර යවන්න තියෙන්නේ