(ඩයනා උදයංගනී)
සියලුම රජයේ පාසල්වලට අප්‍රේල් 20 වැනිදා තෙක් නිවාඩු ලබාදීමට රජය ගත් තීරණය අනුව යමින් සියලුම කතෝලික පාසල්වලට ද එම නිවාඩුව ලබාදීමට මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් තීරණය කර තිබේ.
ඒ අනුව නව කොරෝනා වයිරසය පැතිරීම වැළැක්වීමේ අරමුණ ඇතිව කතෝලික පාසල් සඳහා ද අප්‍රේල් 20 වැනිදා තෙක් නිවාඩු ලබාදෙන බව ජාතික කතෝලික ජන සන්නිවේදන කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ සහ ශ්‍රී ලංකා රදගුරු සම්මේලනයේ මාධ්‍ය ප‍්‍රකාශක ලාල් පුෂ්පදේව ප‍්‍රනාන්දු පියතුමා පැවසූහ.
COMMENTS
කතෝලික පාසල් රජයේ පාසල් යටතට නොවැටේද ?
ඇයි රටේ බෞද්ධ පාසල්වල ඉගෙනගන්නේ අපේ දරුවෝ නෙවෙයිද? මොකක්ද මේ දරුවන්ගේ ඉස්කෝලත් කතෝලික, බෞද්ධ, මුස්ලිම්, දෙමල කියා කියා බෙදීමක්? මේ වපුරන්නේ අනාගතයේ ආගමික ගැටුමක ආරම්භය නේද? ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරන්නේ රටේ සියලුම පාසල් රජයට පවරාගෙන සමාන ළමා අයතිවාසිකම් යටතේ පවත්වාගෙන යන්න කියලයි
ඇයි මේ කතෝලික බෞද්ධ යන වශයෙන් පාසල් වර්ග කරන්නේ? රජයේ සහ පුද්ගලික පාසල් කිව්වා නම් ඉවරනේ.
මොකක්ද මේ කතෝලික පාසල්? මේක ආගම්වාදය නේ... දරුවෝ ළමා කාළයේම ආගම්වාදයට ගොදුරු කිීරිම...
මොකටද මේ කතෝලික කියල වෙනම පාසල් කරන්න යන්න ඉඩ දෙන්නේ. මේවා ඔක්කොම රජය පවර ගන්න ඕනේ. ඒ අයට ඕන විදිහට පාසල් වහන්නයි අරින්නයි ඉඩ දෙන්න හොද නැහැ. නීතිය හැමෝටම එකක් වෙන්න ඕනේ. මේක රටක් ඇතුලේ තවත් රටක් වගේ.
අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් පියතුමනි, රටේ බෞද්ධ, අබෞද්ධ සැමදෙනාම ඔබතුමාට ඉතාම ගෞරව කරන අතරම අපි දන්නවා ඔබතුමා අන්‍ය ආගම්වලට කොතරම් ගෞරවාන්විත ලෙස සලකනවා කියා. නමුත් කතෝලික ආගමේ බහුතරය අන්‍ය ආගම්වලට සලකන්නේ ඉතාම පහත් ආකාරයටයි.