IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


කතරගම ස්ථානාධිපති පූගොඩට දැමීමේ පොලිස් පණිවුඩය කොමිසමෙන් අවලංගු කරයි

(තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ)
 
කතරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් කේ උපාලි මහතා සාමාන්‍ය රාජකාරි සඳහා යොදවන්නැයි පොලිස් කොමිසමෙන් දුන් නියෝගය නොතකා ඔහු පූගොඩ පොලිස් ස්ථානාධිපති ලෙස පත් කිරීමට නිකුත් කළ පොලිස් පණිවුඩය වහාම අවලංගු කර ඒ මහතා ගම්පහ පොලිස් කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා අනියුක්ත ජාතික පොලිස් කොමිසම අද (11) නියෝග කළේය.
 
ජාතික පොලිස් කොමිෂන් සභාව පසුගිය බ්‍රහස්පතින්දා රැස්වූ අවස්ථාවේ දී කතරගම පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගෙන ඔහු එම ධුරයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරි සඳහා යොදවන ලෙස නියෝග කළේය. 
 
කෙසේ වෙතත් අඟහරුවාදා (09) ඊට අදාල පොලිස් පණිවුඩය නිකුත් කර තිබුණු අතර එහි සඳහන් වුණේ කතරගම පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් කොමිසමේ අනුමැතිය යටතේ වාහම ක්‍රියාත්මක වන පිරිදි පූගොඩ පොලිස් ස්ථානාධිපති ලෙස පත් කරන බවයි.
 
කතරගම පොලිස් ස්ථානාධිපති සාමාන්‍ය රාජකාරි සඳහා අනියුක්තර කරන ලෙස තීන්දුවක් ගෙන තිබිය දී ඔහු පූගොඩ පොලිස් ස්ථානාධිපති ලෙස පත් කළේ කෙසේදැයි ජාතික පොලිස් කොමිෂන් සභාව අද (11) රැස්වූ අවස්ථාවේ කොමිසමේ සාමාජිකයන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළ බව එහි ආරංචි මාර්ග කියයි.
 
ඒ අනුව පොලිස් ස්ථානාධිපතිවරයා පූගොඩ පොලිස් ස්ථානාධිපති ලෙස පත් කරමින් නිකුත් කළ පොලිස් පණිවුඩය අහෝසි කරන ලෙස නියෝග කළ පොලිස් කොමිසම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වහාම ගම්පහ පොලිස් කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා අනියුක්ත කරන ලෙස දැනුම් දුන්නේය.
 
එම නියෝගය අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ගම්පහ පොලිස් කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා අනියුක්ත කරන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්වරයා පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දුන් බව කොමිසමේ ආරංචි මාර්ග කියයි.
 
 
පොලිස් කොමිසම පසුගිය බ්‍රහස්පතින්දා ගත් තීන්දුව වෙනස් කරමින් ඔහු පූගොඩ පොලිස් ස්ථානාධිපති ලෙස පත් කරනු ලැබුවේ ඉහළ දේශපාලනඥයකුගේ උපදෙස් මත ද යන්න සැක සහිත බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.



අදහස් (4)

කතරගම ස්ථානාධිපති පූගොඩට දැමීමේ පොලිස් පණිවුඩය කොමිසමෙන් අවලංගු කරයි

prabha Thursday, 11 October 2018 09:07 PM

රටම එකම විහිළුවක්

:       0       2

රවින් Friday, 12 October 2018 02:48 AM

හාපෝ ඕනෑම දෙයක් පිට කණපිට පෙරලුනානම් එතන දේශපාලුවෙක්.

:       0       2

KANDEPOLA Friday, 12 October 2018 04:23 AM

ඔන්න රටේ තත්ත්වේ. මේ වගේ පිස්සු ඉහළ නිලධාරීන් හා හිතුවක්කාර දේශපාලනඥයින් ඉන්න රටකට ස්වාධීන කොමිෂන් සභා වලින් පලක් තියෙනවද ?

:       0       19

Mahee Friday, 12 October 2018 04:46 AM

දේශපාලනේ ලොක්කාගේ අනුග්‍රහය යටතේ නටන පොලිස් ලොක්කා කොමිසම සත පහකටවත් ගණන් නොගනී. අහෝ රටකට ගිය කල. අහෝ නීතියකට ගිය කල!!!

:       0       30

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1472 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1316 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site