(කේ ඩි දේවප්‍රිය)
රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයට තෙරුවන්ගේ සහ දෙවියන්ගේ ආශීර්වාදය ලබා ගැනීම සඳහා පවත්වනු ලබන පිරිත් පිංකම 09 වැනි දින දේවාල භුමියේ ඇති පිරිත් මණ්ඩපයේ දී සිදු කිරීමට නියමිත බව බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා පවසයි.
මෙවර බැතිමතුන්ගේ සහ සහභාත්වයෙන් තෙරව අඩුම පිරිසකින් මෙම පිරිත් පිංකම සිදු කිරීමට කටයුතු සිදු කරතිබේ.
රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගළ්‍යයේ ප්‍රථම පෙරහැර අනිද්දා (10) වැනි දින රාත්‍රි 7.34 ට ආරම්භ වන අතර දෙවියන් වැඩමවා ප්‍රධාන විදිය ඔස්සේ වල්ලිඅම්මා දේවාලය වෙත ගමන් කර පැරණි චාරිත්‍ර ඉටු කර නැවත මහා වීදිය ඔස්සේ මහා දේවාලයට පැමිණ පෙරහැර නිමා වන බව කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමීපාල ටී රත්නායක මහතා සදහන් කියයි.
කතරගම දේවාලයේ ඇසළ මංගල්‍ය 10 වැනි දින සිට 23 වැනි දින දක්වා පවත්වා මෙම මස 24 වැනි දින මැණික් ගගේ දිය කැපීමේ මංගල්‍යයෙන් පෙරහැර නිමාවට පත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd