
(කේ.ඩි.දේවප්‍රිය)
කතරගම ප්‍රදේශයෙන් කොරෝනා රෝගින් වාර්තා වීම ඉහළ යෑම හේතුවෙන් වල්ලිමාතාගම. ඩිපෝවපාර. කන්දපාර. සහ කතරගම නගරය අයත් වන දෙටගමුව සීමාව අද සිට හුදකලා කළ බව කතරගම සෞඛ්‍ය නිළධාරිනි අයි.එස් දේවණාරයන මහත්මිය සඳහන් කරයි.
කතරගම ප්‍රදේශයෙන් ඊයේ දින පමණක් කොරෝනා ආසාදිතයන් 26 දෙනකු හඳුනාගත් බවත් ඉන් 10 දෙනකු පෙරහරට සම්බන්ධ වූවන් බවත් සෞඛ්‍ය අංශ පවසයි.
පෙරහර ආරම්භ වූ ඉකුත් 10 වැනි දා සිට මේ දක්වා කොරෝනා ආසාදිතයන් 80කට අධික සංඛ්‍යාවක් හඳුනාගත් බව ද සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරයි.
කොළඹ ඇතුළු ප්‍රදේශවලින් ගොස් තාවකාලිකව නතර වූ නිවාසවලින් මෙම ආසාදිතයන් සොයාගෙන ඇත.
කතරගම ප්‍රදේශයේ යන ගම් හුදකලා කිරීමට සෞඛ්‍ය අංශ තිීර්ණය කලහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වසංගත කාලයේ කව්රු කිව්වත්, පෙරහැර උත්සවය නොතියන්න කෝවිඩ් පාලනය කරන අංශ ප්‍රධානීන් දැනගත යුතුව තිබුණා. ඒත්, පෙරහැර නොතිබ්බා නම්, මේ වනවිට, යූටියුබ් එකේ හා සමාජ මාධ්‍යවල අනාවැකි කරුවන් හා දේවාල කපුවන්, මෙළහකටත් ආණ්ඩුවට ලෙඩ දාලා. ඒත්, කෝවිඩ් බෝ වුණාම කිසිම සද්දයක් නැහැ... ආගම දහම දෙවියන් වැනි සංස්කෘතික දේවල් අප ආරක්ෂා කරගත යුතුයි. ඒත්, මේ වසංගතය ගැනත් අප වගකීමෙන් කටයුතු කළ යුතුයි.
සංචරණ සීමා තිබෙන විට පළාත් 2ක් පහුකරගෙන කොළඹ ඉඳලා කතරගම ගියේ් කොහොමද?