
(ඩයනා උදයංගනී)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (29) අත්සන් තැබීය.
ඒ අනුව 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද (29) සිට බලාත්මක වනු ඇත.
විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පනත් කෙටුම්පත තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් පාර්ලමේන්තුවේ දී ඉකුත් 22 දා සම්මත විය .
20වන සංශෝධන පනත් කෙටුම්පත සඳහා පාර්ලමේන්තු සංකීර්ණයේදී අද පෙරවරු 11.30 ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය අත්සන් සහතිකය සටහන් කිරීම සිදු කළ බව පාර්ලමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
එම අත්සන් තැබීමේ අවස්ථාවට පාර්ලමේන්තුවේ නියෝජය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානි නීල් ඉද්දවල මහතා ද සහභාගි විය.
COMMENTS
හෙට ඉඳල මල්වෙඩි බලන්න දත් කාගෙන හිටපු අයට පුස් වෙඩි බලන්න වෙයිද දන්නේ නෑ.
හුරේ... රටත් ගොඩ, අපිත් ගොඩ, සර්ලත් ගොඩ.
තායිලන්ත රජයට එරෙහිව තරුණ විරෝධතාකරුවන් වීදි බැස ඇත. පසුගිය සති කිහිපය පුරා පවතින රාජාණ්ඩු පාලන ක්‍රමයේ වෙනසක් බලාපොරොත්තුවෙන් තායි තරුණයන් ගෙනයන අඛණ්ඩ උද්ඝෝෂණ මාලාව මේ වන විට යම් ප්‍රචන්ඩකාරී ස්වභාවයක් ගෙන තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැඩි මධ්‍යගත පාලන ක්‍රමය මුළුමනින්ම වෙනස් කිරීම, ඡන්ද ක්‍රමය සංශෝධනය කිරීම හරහා ජනතා නියෝජනය තවදුරටත් ඉහළ දැමීම, ආණ්ඩුව විසින් විකල්ප මතධාරීන් මර්දන කිරීම නැවැත්වීම විරෝධතාකරුවන්ගේ මූලික ඉල්ලීම් අතර වේ. අනේ ඒකට අපේ ඇයො !! සිංහලයාට කවදා මොලේ පෑදෙයිද ?
සිරි ලංකාවේ අවසානයක ආරම්භය. අතීතයට වඩා ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඉතා ඉහල මට්ටමක තියෙනවා. කොතරම් සත්‍යය හංගන්න උත්සාහ කලත්, සත්‍යය "සත්‍ය වශයෙන්ම දැනගැනීමට අවශ්‍ය අයට" එම අවස්තාව තියෙනවා. බලෙන් ලබාගන්නා ලද බලතල නිසි අයුරින් ක්‍රියාත්මක නොකලහොත්, අනවශ්‍ය අයුරින් මහජනතාව පීඩාවට පත්වුවහොත්, කවදාහෝ දිනයක "පාලකයන්ට එරෙහිව මහජන නැඟීසිටීමකට" ඇති හැකියාව බැහැර කල නොහැක. එය විශාල අභාග්‍යයකි.
රිෂාඩ් සහ රකීම්... දුන්නු සහයෝගය කිසිදා අමතක කරන්න බැහැ. එයාලා තමයි 69 ලක්ෂයේ බලාපොරොත්තු ඉටුකළේ. ඔබලාට අපි ණයගැතියි. අපේ ආණ්ඩුව ඔබලා ඉල්ලන ඔනෑම දෙයක් දීමට ලෑස්තියි...
දැන් ඔකෙන් අර ජේ.ආර්. ට බැරිවුණු ගැහැණියක් පිරිමියෙක් කරන වැඩෙත් කරන්න පුළුවන්ද?
අයියෝ... පුතාණෝ...!!!
ඇත්තටම කතානායක නේද අත්සන ගහන්නේ? මුහුණ වහගෙන වෙන කෙනෙක් දාලා අත්සන් ගහන්නේ නැහැ නේද?