(ඩයනා උදයංගනී)
පාස්කු ඉරිදා දින එල්ල වූ ප්‍රහාරයන්ගෙන් පසු නවතා දමා තිබූ දේව මෙහෙයන් කොළඹ දිස්ත්‍රික්කයේ දේවස්ථානවලදී ලබන ඉරිදා සිට යළි ආරම්භ කරන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
සෙසු පළාත්වලද පවතින ආරක්ෂක වැඩපිළිවෙළ සළකා බලා දේවමෙහෙයන් යළි ඇරඹීම ගැන තීරණයක් ගන්නා ලෙස රදගුරුතුමන්ලා වෙත දැනුම් දී ඇතැයිද කාදිනල්තුමෝ සදහන් කළහ.
පාස්කු ඉරිදා දින ප්‍රහාරයකට ලක්වූ මීගමුව කටුවාපිටිය දේවස්ථාන එළිමහන් මණඩපයේදී අද (9) පස්වරුවේ විශේෂ දිව්‍ය පූජාවක් පැවැත්වෙන බවද කාදිනල්තුමෝ පැවසූහ.
ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූවන් වෙනුවෙන් මෙම පූජාව පැවැත්වෙන අතර එම අයගේ පවුල් වෙනුවෙන් ආධාර ලබාදීම ද මෙහිදී සිදුකෙරේ.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මේ බව පැවසුවේ ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලන ශාලාවේදී අද (9) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



( ලහිරු හර්ෂණ -ඡායාරූප )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාදිනල් තුමනී ජේසුස් වහන්සේ ජීවිත පූජා කලේ මෙලොව මිනිසුන් වෙනුවෙනි. පාස්කු ඉරිදා කතෝලික ක්‍රිස්තියානි බැතිමතුන් ජීවිත පුජාකලේ කලේ සිංහල මිනිසුන් දස දහස් ගණනක් වෙනුවෙනි. ඔවුන්ගේ ජීවිත පුජාව නොවන්නට මේ සඟවා තබාගෙන තිබු ආයුදවලින් වැඩ ගන්නවා නිසැකය. එසේ උනානම් සිංහලයින් දස දහස් ගණනක් මැරෙනවා නොඅනුමානය.