IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


කතගේ හිරිඔතප් බින්දැයි කොස්තාපල්වරු දෙදෙනකුට සිරදඬුවම්

(මනෝප‍්‍රිය ගුණසේකර)

කොටුව දුම්රිය ස්ථානයේ දී බීමතින් කාන්තාවකගේ ඇගේ හැපී ඇගේ හිරිඔතප් බිඳීමේ චෝදනාවන්ට වරද පිළිගත් පොලිස් කොස්තාපල්වරු දෙදෙනකුට වසර බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා එම කාන්තාවට රුපියල් ලක්‍ෂ 2ක වන්දි මුදල් ගෙවීමට ද නියම කළේය.

විත්තිකරුවන්ට නියම කළ වසර බැගින් වූ බරපතල වැඩ සහිත සිරදඬුවම් කාලය වසර 5 ක කාලයක් දක්වා අත්හිටුවීමට නියම කළ විනිසුරුවරයා රුපියල් 2500/- බැගින් රජයේ ගාස්තු ගෙවීමට ද එම පොලිස් කොස්තාපල්වරු දෙදෙනාට නියම කළේය.

පොලිස් මුලස්ථානයේ රාජකාරී කරන පොලිස් කොස්තාපල්වරු දෙදෙනකුට මෙලෙස දඬුවම් නියම කෙරුණු අතර ඔවුන්ට නියම කළ වන්දි මුදල් හා රජයේ ගාස්තු  නොගෙවුවහොත් අමතර වසර 2 1/2ක සිරදඬුවමක් ද විත්තිකරුවන්ට නියම කෙරිණි.

2011 ජුලි මස 9 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොටුව දුම්රිය ස්ථානය තුළදී බීමත්ව කාන්තාවකගේ ඇගේ හැපී ඇගේ හිරිඔතප් බිඳින ලද බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා ඉදිරිපත් කර තිබිණි.

මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටි විත්තිකරුවන් චෝදනාවන්ට වරද පිළිගත්හ.

ඒ අනුව විත්තිකරුවන්ට අදාළ දඬුවම් නියම කළ විනිසුරුවරයා ඔවුන්ගේ ඇඟිලි සළකුණු ලබා ගැනීමට ද නියම කළේය.



අදහස් (6)

කතගේ හිරිඔතප් බින්දැයි කොස්තාපල්වරු දෙදෙනකුට සිරදඬුවම්

Mahee Thursday, 30 January 2020 11:19 AM

හැබැයි මං කැට තියලා කියන්නම්, මේ පැමිණිල්ල කරපු කාන්තාව නම් බොහොම බලසම්පන්න කෙනෙක් වෙන්න ඕනෑ. නැත්නම් නෝ කේස්නේ. අපි නොදන්නා පොලීසිය..!

:       0       63

Mahee Thursday, 30 January 2020 11:20 AM

හැබැයි මං කැට තියලා කියන්නම්.., මේ පැමිණිල්ල කරපු කාන්තාව නම් බොහොම බල සම්පන්න කෙනෙක් වෙන්න ඕනෑ. නැත්නම් නෝ කේස් නේ...

:       0       3

RaveendraThursday, 30 January 2020 12:02 PM

ඔබගේ අදහස් යම්තාක් දුරට නිවැරදි විය හැකිය. එලෙසින්ම මෙවැනි ගැටළුවක් මතු නොවන්නේද? බලසම්පන්න අය දුම්රිය පළට ඇවිත් කාලේ නාස්ති කරයිද? කෙසේවෙතත් පරයින්ට නිසි දඬුවම් ලබාදීම පිළිබඳව ගරු අධිකරණයට අපගේ ආචාර්ය පුදකරන්නෙමු. මෙම නරින්ගේ නම්ගම් ඡායාරූප, ලිපිනයන් ප්‍රසිද්ධ කරන්නේ නම් එයද වැදගත් වනු ඇත...

:       4       10

ශාන් Thursday, 30 January 2020 02:21 PM

හිරි ඔතප් කියන්නේ මොකද්ද? තේරෙන සිංහලෙන් කියන්නකෝ..

:       0       1

AbeThursday, 30 January 2020 03:09 PM

හිරි ඔතප් කියන්නේ ගැහැණු හෝ පිරිමි අයගේ ඇඟේ හැපීම හා ගැටීම කියලයි මම නම් හිතන්නේ...

:       0       1

MaheeThursday, 30 January 2020 03:38 PM

මං අහලා තියෙන්නේ "ලැජ්ජාව සහ බය" කියලයි. පාපයට හෙවත් සදාචාරාත්මකව වරදට තිබෙන ලැජ්ජාව සහ වැරදි කිරීමට තිබෙන බය... ලෝක පාලක ධර්ම කියලත් බණට කියවෙන්නේ "හිරි ඔත්තප්ප" දෙකයි. චෝදනාවේ හැටියට නම් මේ කාන්තාවගේ මොකක් බින්දද කියන්න මම දන්නේ නෑ. රාළහාමිලා දෙන්න සදාචාරයට විරුද්ධ දෙයක් කිරීම තමයි අදහස් කරන්න ඇත්තේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 249 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2099 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1598 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site