
(කේ.ඩී.දේවප්‍රිය)
රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ 06 වැනි පෙරහර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කළේය.
කඳ කුමරුවන් වැඩමා ගත් වාසනා හස්ති රාජයා පෙරටු කර ගත් පෙරහර පිටවීදිය ඔස්සේ වල්ලී අම්මා දේවාලය වෙත ගමන් කර ඉපැරණි චාරිත්‍ර ඉටු කිරීමෙන් අනඅතුරුව නැවත මහාවීදිය ඔස්සේ මහාදේවාලය වෙත ගමන් කර පෙරහර මංගල්‍ය අවසන්විය.
කතරගම දේවාලය් බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා සිය නිළය ලබා ගැනීමෙන් පසුව ප්‍රථමයෙන් පෙරහරේ ගමන් ගත් දිනය ද ඊයේ 06 විය.
උඩරට පහත රට සහ සබරගමු නැටුම් සහ කතරගම දෙවියන්ට ආවේණික වු නැටුම් රැසක් එක් කර ගමන් කලත් පෙරහර එම නැරඹීමට මහජනයාට අවසරය නොලැබේ.


COMMENTS
බලාගෙනයි... කොරෝනා හැදෙයි... කෝකටත් පිළිමයටත් මුහුණු ආවරණයක් දාන්න.....