(ඔගස්ටින් ප්‍රනාන්දු, එච් චන්දන, ලලිත් නවරත්න සහ රෝවන් පෙරේරා)
ඓතිහාසික වශයෙන් ඉහළ වටිනාකමක් ඇතැයි සැලකෙන බුදු පිළිම, දේව ප්‍රතිමා සහ මැණිල් ගල් නීති විරෝධී ලෙසින් සිය නිවසෙහි සඟවා ගෙන සිටි පුද්ගලයෙකු අද(28) අත්අඩංගුවට ගත් බව පුත්තලම කොට්ඨාස දුෂණ මර්ධන ඒකකය කියයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා ආඩිගම බුද්ධි ආසිරිගම පදිංචි 34 වන වියැති අයෙකි.
හදිසියේ ලද තොරතුරක් අනුව දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් එම නිවසට ගොස් කළ සෝදිසියක දි මෙම කෞතුක වස්තූන් සොයාගෙන තිබේ.
මෙම වස්තූන් අතර රන් පැහැති බුදු පිළිම දෙකක්, රන් පැහැති දේව ප්‍රතිමා දෙකක්, මැණික් ගල් බවට සැක කරන විවිධ වර්ගයේ පාටැති ගල් 12ක් තිබු බවද පුත්තලම කොට්ඨාස දුෂණ මර්ධන ඒකකය කියයි.
මෙම පුරා වස්තුන් කිසියම් ස්ථානයකින් නිධානයක් ගොඩ දැමීමෙන් ලබා ගත් ඒවා බවට නිලධාරීහු සැක පළ කරති.
සැකකරු අද (28) ආනමඩුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.


(ඡායාරූප - එච්. චන්දන)


(ඡායාරූප - රෝවන් පෙරේරා)

(ඡායාරූප - ලලිත් නවරත්න)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිධන් හෑරීම හොඳද නරකද කියා මං පවසන්නේ නැහැ. ඒත්, මේක මේ රටේ බලවත් අය ජයටම කරගෙන ගියා. ඒ අය තම බලය යොදාගෙන මේ දේවල් රහසිගතව කරගෙන ගියා. ඒත්, බලය නැති හෝ අඩු කෙනෙකු මේ වැනි දෙයක් කරනාවිට හසුවෙනවා. මං මේ දෙයට පක්ෂව කතාකරනවා නොවෙයි. වරද නම්, කොයි කව්රු කළත් වරදක්... අපේ රටේ ඉතා දක්ෂ නිලධාරීන් සිටිනවා. ඒත්, ලොකු තැන්ගැන පර්යේෂණ කරන්න ඔවුන්ට ඇති ඉඩකඩ අහුරා තියෙන්නේ විශේෂ වරප්‍රසාද යටතේයි. ඕනෑම කෙනෙකුගෙන් බලපෑමක් නැතිව ප්‍රශ්ණ කරන්න අවස්ථාවක් ඇති සමාජයක් තිබුණොත්, වැඩේ කොහොමද කියලා බලාගන්න පුළුවන් සමහරවිට. ඒ වගේ යුගයක් එයිද කියා හිතන්නට අමාරුයි...