(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර කුණු කසල ප්‍රශ්නයට විසඳුමක් නොලැබුණහොත් අනිද්දා සිට මාතර නගරයේ පාසල් තාවකාලිකව වසා දැමීමට දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයාට තමා අවසර දෙන බව දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා අද (08) මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී පැවසීය.
මෙම කුණු ප්‍රශ්නය හේතුවන් රුහුණ විශ්වවිද්‍යාලය සහ පාසල් ගණනාවක දරුවන් පීඩාවට පත්ව ඇති බවට තමා වෙත පැමිණිලි ලැබී ඇති බවද ඔහු කීය.
දරුවන්ගේ ජීවිත වටිනා බැවින් එම තීරණය ගන්නා බවද කීවේය.
උද්ගතව ඇති තත්වය හමුවේ අනිද්දා මාතර මහජන පොළ වසා දමන ලෙසද ආණ්ඩුකාරවරයා මාතර මහ නගර සභාවට නියෝග කළේය.
කුණු ප්‍රශ්නය තවදුරටත් උත්සන්න වුවහොත් මාතර නගරය ජීවත් වීමට නුසුදුසු තත්වයට පත් වන බවද ඊට වග කිව යුත්තන් ඉතා කඩිනමින් විසඳුමක් සපයා දිය යුතු බවද ඒ මහතා අවධාරණය කළේය.
කොටවිල කසල ප්‍රතිචක්‍රීකරණ කටයුතු ආරම්භ කිරීම සඳහා තමා විසඳුමක් ලබා දී තිබියදී මෙම තත්වය ඇති වී තිබෙන බවද තෙන්නකෝන් මහතා කියා සිටියේය.
මාතර කොටවිල කසල අංගනය හේතුවෙන් තමන් පීඩාවට පත් වන බවට ප්‍රදේශවාසීන් ඉදිරිපත් කළ පැමිණිලි මහජන පීඩා යටතේ කොටවිල පොලිසිය මාතර අධිකරණයට කරුණු වාර්තා කර මාතර මහ නගර සභාවට එරෙහිව නඩුවක් පවරා තිබුණේ මීට වසර එක හමාරකට පමණ පෙරදීය.
එම නඩුවේ තීන්දුව ඉකුත් 27 වැනි දින ප්‍රකාශ කළ අතර මාස තුනක කාලයක් එම අංගනයට කසළ බැහැර කිරීම වළක්වමින් හා කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීමට සුදුසු වාර්තාවක් සකසා ඉදිරිපත් කරන ලෙස ඉන් නියෝග කර තිබුණි.
ඒ අනුව කසළ බැහැර කිරීම සඳහා විකල්ප ස්ථානයක් නොමැති කම නිසා මාතර මහ නගර සභාව ඉකුත් 04 වැනිදා සිට කසළ ඉවත් කිරීම නවතා දමා තිබේ.



COMMENTS
ඉන්න හිතෙන රටක්...
මෙම ප්‍රශ්නය පොලිසිය ඒකපාර්ශවීය තීරණයක් මත කටයුතු කිරීමෙන් සිදුවූවක් බව මහනගර සභාවක කටයුතුකර ඇත්තෙකු ලෙස ප්‍රකාශ කළහැක. මෙහිදී පොලිස් ස්ථානාධිපතිට වඩා ඉහළ තනතුරක් දරණ නාගරික කොමසාරිස් සමග සාකච්ඡා නොකොට අධිකරණය දක්වා ප්‍රශ්නය ගෙනයාමෙන් පොලිසිය ප්‍රශ්නය දික්ගස්වා ඇතිබව කිව හැකිය...
හරිම ශෝක් විසඳුම... නියමයි.... ආණ්ඩුකාරතුමනි, එතකොට ඔය කුණු ප්‍රශ්නය විසඳන්න කියලා ඔය කියන්නේ අපිටද? අර පාසල් වලට සීමාව ඉක්මවල ළමයි ගන්න කිව්වා වගේ බැරිද ඔබතුමාට ඕන කෙනෙකුට බම්බු ගහගන්න කියල පරණ විදියටම කුණු ඉවත් කරනු! කියලා නියෝගයක් දෙන්න.
බුද්ධිමත් ප්‍රායෝගික මිනිස්සු පොලිස් ස්ථානාධිපතිලා නොකිරීමේ තවත් එක් සිද්ධියක්.
මේ කුණු ප්‍රශ්නය විසඳන්න බැරි පාලකයෝ... ඉතින් කොහොම රට හදාවිද? ජනාධිපති, අගමැති, ආණ්ඩුව, පළාත් සභා, පළාත් පාලන ආයතනවල් එහෙම තිබුණට වැඩක් නැහැනේ. කොහොම වුණත් මේ ආයතනවල් මහ ජනයාගෙන් බදුත් අයකරනවනේ... ඔවුන් වැටුපුත් ගන්නවනේ. ඉතින් වැඩක් තියේවිද?
මේ වගේ හරක්නේ මේවට පත් වෙලා ඉන්නේ? කුණු අදින්න බැරිනම් ඉස්කෝල වහනවා. මේ පාලකයෝ ද?
මේකද මේ ආණ්ඩුකාරයට දෙන්න පුළුවන් හොඳම විසඳුම?
ජනාධිපති දන්නවා එයා ජනාධිපති කියලා. අගමැති දන්නවා එයා අගමැති කියලා.. දෙන්නා පත් කරන අය, දන්නේ නැහැ ඒ අය කරන්නේ කියන්නේ මොනවද කියලා...
කව්ද මෙයාව පත්කරේ
මහජන පොළ වැසීම, පාසල් වැසීම තුලින් වෙන්නේ මහජනයා තවත් පීඩනයට පත්වීමයි. ආණ්ඩුකාරවරයෙක් යනු ගරුතර, වගකීම් දැරිය හැකි ,මහජන සුව පිණිස කටයුතු කලයුතු අයෙකි. මේ කීර්තිගේ ප්‍රකාශයන් තුලින් පෙනී යන්නේ නොහැකියාවෙන් පෙලෙනා අයවලුන් විසින් තවත් නොහැකියාවෙන් පෙලෙනා තමාවත් පත්කර ඇති බවය
අද ඉන්න මහජන සේවකයෝ නැත්නම් නිලධාරි කියල කියා ගන්න පිරිස කරන්නේ මහජනතාවට සේවයක් නොව තමන්ගේ බලය අනික් අයට පෙන්වීමේ තරඟයක යෙදීමක්.
මේ රට, මේ සිස්ටම් එක, මේ පාලකයෝ කොච්චර මේ කුණුගොඩ තරමටම කුණු වෙලාද කියල පෙන්වන හොඳ සිද්දියක් මේක. අපට මතක නෙව මීතොටමුල්ල , කරදියාන මේවා කොළඹ නමුත් මේ කුණුගොඩ ප්‍රාදේශීය නගරයක මීට වසර 30 කට 40 කට කලින් ඇති සුන්දර , රමණීය නගරයක් මේකෙන් ගම්‍ය වෙන්නේ කොයි පාලකයාත් එකයි තමන්ගේ වැසියන්ගේ කුණු ටික කළමනාකරණය කරගන්න බැරි පාලකයෝ !
මාතර කුණු කොටවිලට ගෙනියන එක හරි විසඳුම නොවෙන්න පුළුවන්. එතකොට එහෙ මිනිස්සු විඳවන්න වෙනවා. නිවැරදි කසල කළමනාකරණයක් කරන්න ආණ්ඩුකරයින්ට බැරි වුනත් මහා නගර ඇමතිතුමා වගේ කෙනෙක්ට ඒක තේරුමක් තියෙන්න පුළුවන්. තවදුරට කියනවා නම් විශේෂඥයින් ඉන්න පුළුවන් එම අමාත්‍යාංශය යටතේ.
කුණු ඉවත්කිරීමට නියෝගයක් දෙන්නේ නැතුව ළමුන්ගේ පාසල් ගමන කඩාකප්පල් කරන කෙනෙක්
වැඩක් කරන්න බැරි අය පත් කරන එකේ වැරැද්ද. මැතිවරණයකට ඇවිත් බලන්න