විනීතා එම් ගමගේ
එංගලන්තයේ සිට මෙරටට නීතිවිරෝධීව ගෙන්වන ලදැයි කියන කුණු කන්ටේනර් 98 වහා ආපසු යවන්නට පියවර ගන්නැයි මධ්‍යම පරිසර අධිකාරිය ශ්‍රී ලංකා රේගුවට උපදෙස් දී ඇත.
මධ්‍යම පරිසර අධිකාරිය කොළඹ වරායට ගොස් එම කන්ටේනර් පරික්ෂා කිරීමකින් පසුව මෙසේ උපදෙස් දුන් බව මධ්‍යම පරිසර අධිකාරියේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් උපාලි ඉන්ද්‍රරත්න මහතා පැවසීය.
එම කන්ටේනර්වල තිබු පාවිච්චි කළ මෙට්ට තොගයෙන් විශාල පාරිසරික හානියක් සිදුවිය හැකි යැයි ද ඒ පිළිබඳව ශ්‍රී ලංකා රේගුව දැනුවත් කළ බව ද කී ඉන්ද්‍රරත්න මහතා පාවාච්චි කළ මෙට්ට ආනයනය කරන බවට මෙකී ආනයනය කළ සමාගම රේගුවට ප‍්‍රකාශ කර තිබුණ ද එම කන්ටේනර්වල තිබුණේ කසල ගොඩක් බවට පත්ව තිබු මෙට්ට තොගයක් බව ද කීය.
මෙට්ට තොගයක් බව කියැවෙතත් එහි අඩංගු දේ හැඳින්විය හැක්කේ කුණු ගොඩක් වශයෙන් යැයි ද හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
ගෙවල්වලින් විසිකරන බඩු එකතු කරන්න අපි රුසියෝ...
ඔය කුණු හින්දද සිංගප්පූරුව සමගත් ගිවිසුම් ගැහුවේ...?
ගෙන්වපු කුණු ආපහු යවන්න. කව්ද මේ වියදම් දරන්නේ? කාගේ මුදල්ද ..?
පුළුවන්නම් අපේ කුණු ටිකකුත් දාලා යවන්න.
පරිසර හානිය වගේද ලෙඩ රෝග..? ඕවා වගේ කවුරු කරපුවද කියලා කවුද දන්නේ?
ගෙන්වපු කෙනාත් ඒ සමගම යවන්න බැරිද?
පේනවද? ඕක කලින්ම මාධ්‍ය මගින් එළිවුණු නිසා දැන් කර අරින්න බැරිකමට ගිහින් පරික්ෂා කරලා අාපහු යවන්න කිව්වා. නමුත් ඇත්තටම අාපහු යැව්වද? හොරපාරෙන්ම රට ඇතුළට එයිද කවුද දන්නේ? අනික මේවා ගෙන්නපු කෙනාට විරුද්ධව නීතියක් නැති රටේ ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද?
මැලේසියාව මේ කුණු ආපසු යැවීමට පටන් අරන් තියෙන්නේ...
මේකේ අදහස් පළකරන සමහරු හිතන් ඉන්නේ මේවා ලංකාවට විදේශීය ආයතන වලින් එවපු කුණු කියලා. නමුත් මේවා අපේ මිනිස්සු විසින් එකතු කරලා එවන පාවිච්චි කරනලද භාණ්ඩ...
කැනඩාව මේ වගේ කුණු තොගයක් පිලිපීනයට යවලා, පිලිපීනය ඒවා අපහු යැව්වා. මේක තමයි දියුණුයි කියන රටවල් කරන අලුත් වැඩේ...
ඕක ගෙන්නපු එක තමයි... කන්න දුන්නා නම් තමයි හොඳ.
ආනයනය කරන දේවල් පිළිබඳ හොඳට හොයලා බැලුවොත් හොඳයි. ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ රටවල් භාණ්ඩ කවර් කරන පෙට්ටි ගැන වුවද සෙවිල්ලෙන් ඉන්නේ. ලංකාවට ඕනෑම දහජරාවක් ගේන එක දැන්වත් නතර වුනොත් හොඳයි.
අපේ තියන කුණු මදිවට පිටරටවල තියන කුණුත් මෙහෙ ගේනවා නම්, රටේ තත්වය මොකක්ද කියලා තව කියන්න ඕනෑ නැහැනේ. මේ දේවල් ගැන හොයන්න බලන්න කෙනෙක් නැහැ වගෙයි. මේ පාලකයින් තමන්ගේ වර්ධනය සඳහා කාකොටා ගන්නවා මිස රට ගැන හිතලා රටේ දියුණුවට කටයුතු නොකිරීම ගැන පොදු ජනතාව දුක්වෙන එක විතරයි තියෙන්නේ...
මේක ලොකු ව්‍යාපාරයක්, උඩ කවරය ගලවලා අලුත් එකෙක් දාලා නැවත විකුණනවා. ඔයාලා කඩේට ගිහින් අලුත් එකක් කියලා ගෙදර ගෙනියනවා. හරිම සරලයි නේද?
එංගලන්තයේ සිට ලංකාවට යැවූ අය හා ලංකාවේදී ලබාගන්නා අය හෙලි කරන්න. මෙහෙ ක්‍රමානුකූලව කසල කළමනාකරණය කෙරේ...
ඔබ දන්නවද? මේ විදියට න්‍යෂ්ටික අපද්‍රව්‍ය පවා අපේ මේ රටේ පොළව උඩට ගෙනත් දාන්නත් ඉදිරියේදී කටයුතු කෙරේවි.
ලංකාවෙන් එංගලන්තෙට යවන්න පුළුවන්ද බලන්න. කිසිම දවසක ඒ අවසරේනම් ලැබෙන්නෑ. අපේ රටේ මේතරම් මෝඩයෝ බිහිවුණේ කොහොමද?
ඕක ඇත්තටම පිටරට යවයිද නැත්නම් උඩරට, රජරට හරි පහතරට කොහෙහරි නවතීද දන්නේ නෑ
මේවා තුලින් භයානක විෂබීජ රටට එනවාමයි. සමාජ රෝග වගේ දේවල්ද එන්න පුළුවන්
සතුටු වෙන්න පුලුවන් කොන්ද පණ තියන නිලදාරීන් එක්කෙනෙක් හරි ඉන්න එක... ඔය හැම ජරා වැඩක්ම කරන්නේ අහවල් වර්ගයේ ජාතින්...
ආණ්ඩුවෙන් කුණු ගෙන්නන බව කලින් දැම්මනේ..? යවන්නේ නැහැ.... බොරු කරන්නේ...