IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කඩා වැටෙන ගොඩනැඟිල්ලට විදුලි ජනක යන්ත්‍ර ඉල්ලති

(සිරංගිකා ලොකුකරවිට)

කඩා වැටීමට ආසන්නව ඉතා අබලන් තත්ත්වයේ පවතින ගාල්ල නගර ශාලාව ප්‍රතිසංස්කරණය කිරීම පසෙක තබා එයට විදුලි ජනක යන්ත්‍ර මිලදී ගැනීමට මන්ත්‍රීවරුන් යෝජනා ඉදිරිපත් කරන බව පොදුජන එක්සත් පෙරමුණේ නාගරික මන්ත්‍රී කැළුම් සෙනවිරත්න මහතා පැවසීය.

ගාල්ල නගර සභාවේ මහා සභා රැස්වීම අද (21) පැවති අවස්ථාවේදී  අදහස් දක්වමින් මෙසේ කීය.

ගාල්ල නගර සභාවේ කාර්යාලයේ සහ නගර ශාලාවේ ප්‍රයෝජනය සඳහා විදුලි ජනක යන්ත්‍ර දෙකක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී නිහාල් මහවිතාන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සම්බන්ධව අදහස් දක්වමින් ඔහු එසේ පවසා සිටියේ ය.

එහිදී කැළුම් සෙනෙවිරත්න මහතා මෙසේ ද පවසා කීය.

“නගර සභාවේ කාර්යාලයට විදුලි ජනක යන්ත්‍රයක් ලබා ගැනීමට මම එකඟයි. ඒත් මේ කඩා වැටෙන්න ඔන්න මෙන්න තියෙන නගර ශාලාවට විදුලි ජනක යන්ත්‍රයක් මොකටද? පසුගිය කාලයේ නගර සභාවට විදුලි ජනක යන්ත්‍ර දෙකක් ලැබුණා. ඒ දෙකම කිසිම ප්‍රයෝජනයක් නැතිව ගෙනල්ලා දාපු තැන දිරලා ගියා. මේ නගර සභා ශාලාව තව පරම්පරා තුනකටවත් ගොඩ දාන්න පුළුවන් කමක් පේන්නේ නැහැ. ඒ තරමට අබලන් වෙලා. සම්පූර්ණ ගොඩනැගිල්ලම ප්‍රතිසංස්කරණය කළ යුතු තත්ත්වයේ තියෙන්නේ, ඒකට තවම කිසිම පියවරක් අරගෙන නෑ.

මේ සභාව පත්වෙලා ආවට පස්සේ එහි සංවර්ධන කටයුතුවල කිසිම ප්‍රගතියක් මටනම් පේන්නේ නෑ. ඒකේ ඉස්සරහ තියෙන කණු ටික පුපුරලා දෙබෑවෙලා. කොයි මොහොතේ මේක බිමට සමතලා වේවිද දන්නේ නැහැ. මේ නගර සභාවේ ඉංජිනේරුවන් ගොඩක් ඉන්නවා, සමහර ඉංජිනේරුවන් වැඩ නැතිවත් ඉන්නවා, තාක්ෂණික ශිල්පීන්, වැඩ අධිකාරීවරුන්, පුරහල බාරව තව කට්ටියක් ඉන්නවා. තාම සැලසුමක් නෑ මේ කඩා වැටෙන නගර ශාලාව ගොඩ ගන්න.

මේ ගොඩනැගිලි සංකීර්ණය අළුත්වැඩියා කරන්න රුපියල් කෝටි 10ක් 2015 අයවැයෙන් වෙන්වුණා. මන්ත්‍රීවරු දෙපැත්තට ඇද ඇද හිටියා, මුකුත් වුණේ නැහැ. අද වෙකොට ඉතාම සෝචනීයයි මේ ගොඩනැගිල්ලේ තත්ත්වය. එවැනි ගොඩනැගිල්ලක් පිළිසකර කිරීමේ අවශ්‍යතාවය දැඩිව තියෙද්දී ඇයි අපි මේ විදුලි ජනක යන්ත්‍ර මිලදී ගන්න මුදල් වියදම් කරන්නේ? ඉස්සෙල්ලා හෙණ්ඩුව ගන්න එපා, අලියා ගන්න. නගර ශාලාවට විදුලිය ගන්න ඉස්සෙල්ලා ඒක පිළිසකර කරන්න.

මෙහිදී අදහස් දක්වමින් ගාල්ල නගරාධිපති ප්‍රියන්ත සහබන්ධු මහතා පවසා සිටියේ යුද හමුදාව සම්බන්ධ කරගෙන නගර ශාලාව අලුත්වැඩියා කිරීමේ කටයුතු සඳහා මේ වනවිට සැලසුම් සකස් කරමින් සිටින බවයි. තමා නගරාධිපති ලෙස පත්වනවිටත් නගර ශාලාව ඉතා අබලන් තත්ත්වයේ පැවති බවත් එය ප්‍රතිසංස්කරණය සඳහා ලැබුණු මුදල් අක්‍රමවත්ව පරිහණය කර තිබූ බවත් නගරාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (3)

කඩා වැටෙන ගොඩනැඟිල්ලට විදුලි ජනක යන්ත්‍ර ඉල්ලති

රවින් Friday, 21 June 2019 12:15 PM

කොමිස් ... හලෝ කොමිස්..!!!

:       0       52

Chirantha Friday, 21 June 2019 02:51 PM

අපි ඉන්නෙත් බයේ...

:       0       54

Bamunuarachchi Monday, 24 June 2019 08:15 AM

ගොඩනැගිල්ල කඩා වැටුණාම විදුලි ජනන යන්ත්‍රය ගෙදර ගෙනියන්න පුළුවනි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site