
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ටෝනි කරුණානායක)
සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දෙව්මිණි රෝහණ හැරල් ද සිල්වා හෙවත් "කුඩු රෝහා" නැමැත්තා මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ දී පොලිසිය සමග අද (24)අලුයම ඇතිවූ වෙඩි හුවමාරුව දී මිය ගිය බව පොලිසිය සඳහන් කරයි.
කුඩු රෝහා නැමැත්තා ඉන්දියාවට පලා යාම සඳහා කොච්චිකඩේ ප්‍රදේශයේ වාඩියක සැඟවී සිටින බවට ලද තොරතුරක් අනුව පොලිසිය එය වැටලීමට ගොස් තිබිණි. පොලිසියේ පැමිණීමත් සමගම ඔහු පලා යමින් වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර, පොලිසිය ප්‍රති පහර එල්ල කිරීමේ දී මියගොස් ඇත.
එම ස්ථානයේ තිබී ටී 56 ගිනි අවි සහ පිස්තෝල ගිනි අවියක් පොලිසිය භාරයට ගෙන ඇත.

COMMENTS
මේ ගොනාකෝවිලේ රොහාද?
මේ අර කුඩු අල්ලන්න ගිය IP කෙනෙක්වද කොහෙද කුරුණෑගලදී මරපු කෙනාද?
සාමකාමී සමාජයක් වෙනුවෙන් තම රාජකාරිය නිසිලෙස ඉටුකළ සහ ඉටුකරන සියලුම නිලධාරීන්ට අපගේ ප්‍රණාමය. ඔබලාට යහපතක්ම වේවා... සාමකාමී සමාජයක් වෙනුවෙන් තම ජිවිත කැපකරමින් ඔබලා කරන සේවය අප හදවතින්ම අගය කරන්නෙමු.....
නමුත් ඔහුගේ ප්‍රතිවාදීන් නිදැල්ලේ...
පාතාලයෝ කියන්නේ නිකන් කැරපොත්තෝ/මදුරුවෝ වගේ ජාතියක්... ඒක නිසා මරලා විතරක් හරියන්නේ නැහැ. බෝවන තැනුත් සුද්ද කරලා විනාශ කරලා දාන්න ඕනෑ. නැතිනම් එක්කෙනෙක් මරද්දි තව 10ක් අලුතෙන් කොහෙන් හරි එකතු වෙනවා.
තම තමන්ගේ ව්‍යාපාර වලට ඇති බාධාවන් රජයේ, පොලිසියේ අනුග්‍රාහකත්වය ඇතිව ඉවත් කර දැමීමේ නාටකය යලිත් ආරම්භ කර ඇති වගයි.
තුසිත ‘‘කුඩු රොහා‘‘ගේ යාලුවෙක් වගේ. කෙසේවෙතත් තිබ්බ කෙනාට අපගේ ස්තුතිය..
මේ තැනැත්තා කවුරු වුණත් මිනිස්සු මෙහෙම නීත්‍යානුකූල අත්අඩංගුවේදී මියයාම කිසිසේත් හොඳ දෙයක් නොවේ. ඒ සඳහා නීතියේ ප්‍රතිපාදන ක්‍රියාවට නංවන්න මෙය අපේ කීර්ති නාමයට පවා විශාල වශයෙන් බලපාන දෙයක්. මානව හිමිකම් සම්බන්ධව විශේෂයෙන්ම මෙවැනි වැදගැම්මකට නැති තැනැත්තන් නිසා රටක් වශයෙන් අපට වන හානිය ඉතා බරපතලයි. අවශ්‍ය නම් එල්ලුම්ගහ ක්‍රියාත්මක කළත් මෙවැනි ක්‍රියා අනුමත කළ නොහැකියි.
හරියට කියවන්න. අත්අඩංගුවේ ඉන්නකොට නෙවෙයි. අල්ලන්න යනකොට සිදුවුණු වෙඩි හුවමාරුවක්. කුඩ්ඩයි මුලින්ම වෙඩි තියලා තියෙන්නේ. අනේ ඇත්තටම තාමත් මේ අපරාධකරුවන්ට හිත ඇති මිනිස්සු මේකේ කමෙන්ට් දානවනේ...
මෙයාට කඩේ ගිය අඟුලාන, ගල්කිස්ස පොලිසියේ අය තමයි මෙයාව ආරක්ෂා කරේ කුඩු සල්ලි වලට කඩේ ගිය අයයි.. දැන් මීගමුව පොලිසියෙන් ලස්සනට වැඩේ දුන්නේ. කොහොමත් ගමේ පොලිසියෙන් තමයි ගමේ අපරාධකරුවන් ආරක්ෂා කරලා ඔවුන්ගෙන් රැකෙන්නේ.. මේ අය දැන් ලැජ්ජා වෙන්න ඕනෑ. දැන් නම් රට නිවැරැදි පාලනයක යනවා. ඒ ගැන නම් සතුටුයි.