IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කුඩු ගහන ඇමතිවරුන් ගැන කතානායක රන්ජන්ගෙන් ලිඛිතව ඉල්ලයි

(ඩයනා උදයංගනී)

 
කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතා කරන මැති ඇමතිවරුන් 24 දෙනෙකු පාර්ලිමේන්තුවේ සිටී නම් ඒ ගැන තමන්ට ලිඛිතව දැනුම් දෙන ලෙස කතානායක කරු ජයසූරිය මහතා රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට දැනුම් දී තිබේ.
 
රන්ජන් රාමනායක මහතා මේ බව කතානායකවරයාට පසුගිය දිනෙක දුරකථනයෙන් දැනුම් දී ඇති නමුත් එය දුරකථනයෙන් නොව ලිඛිතව ලබාදෙන්නැයි කතානායකවරයා දැනුම් දී තිබේ. 
 
එවැනි ලිඛිත පැමිණිල්ලක් ලැබුණහොත් පක්‍ෂ නායකයින් සමඟ සාකච්ඡා කර ඉදිරි පියවර ගැනීමට කතානායකවරයා සූදානම් බව කතානායක කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.



අදහස් (16)

කුඩු ගහන ඇමතිවරුන් ගැන කතානායක රන්ජන්ගෙන් ලිඛිතව ඉල්ලයි

td Tuesday, 19 February 2019 12:01 PM

පසුගිය වසර අවසානයේදී ලංකාවේ පාර්ලිමේන්තුවේ සිදුවූ දේශපාලන කුමන්ත්‍රණය පරදා ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය වෙනුවෙන් සහ එය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඍජුව නොසැලී සිටි කතානායකවරයාට මත්කුඩු දේශපාලකයන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමටත් ඍජුව කටයුතු කරනු ඇති බව ජනතාවගේ ඒකායන බලාපොරොත්තුවයි.

:       1814       2086

Ran Gonja Tuesday, 19 February 2019 12:07 PM

හිරවුනා ඇමතිතුමා

:       55       443

g4narathna Tuesday, 19 February 2019 12:27 PM

දැන් දෙන්නකෝ නම් ටික. මේ පාර තමා රන්ජගේ හොට පැටලෙන්නේ.

:       31       478

de silva Tuesday, 19 February 2019 12:44 PM

ජනාධිපති තුමනි මේ ගැන ඔබේ අදහස කුමක්ද ?

:       390       37

prabha Tuesday, 19 February 2019 02:32 PM

රටට යනෙනමන් නෑ.

:       0       54

chandima Tuesday, 19 February 2019 02:44 PM

කතානායකතුමෝ ඔබතුමා වාචිකව ඡන්දෙ ඉල්ලලා පනත් සම්මත කරනවා. වාචිකව ඡන්දෙ ඉල්ලලා විශ්වාස භංග නිෂ්ප්‍රභා කරනවා. මේ කුඩු කාරයෝ අල්ලන්න විතරක් ලිඛිතව ඉල්ලන්නේ මොකද? නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් ඕන කියනවා වගේ වැඩක් නේද මේ?

:       7       978

indikaWednesday, 20 February 2019 04:12 AM

චන්දිම, ඔය යරියටම හරි! ඕකත් සද්දේ විතරක් තිබුනම මදිද??

:       1       7

ඇත්ත සත්‍යපාල Wednesday, 20 February 2019 04:42 AM

හේතුව තමයි "එක වර්ගයේ කුරුල්ලෝ එකට එකතුවෙති" කියන එක. මේ හදන්නේ කුඩ්ඩො බේරාගන්න. සමහරු මේ කරන කියන දේවල් බලපුහාම කතානායකත් මොනවා ගහමේ දොඩවන්නේ කියල හිතෙනවා.

:       0       127

Rohan Dayadara Paris Tuesday, 19 February 2019 02:58 PM

ගරු කතානායකතුමනි සියලු දෙනාගේ කිර්තිය හා නිවැරදිතාවය උදෙසා රුධිර පරීක්ෂණයක් 225 දෙනාගේම ලබාගන්න වත්කම් බැරකම් ගන්නවා සේ

:       0       114

kamali Tuesday, 19 February 2019 03:44 PM

මොකටද ලිඛිතව කවුරුත් දන්නවා ඔය කට්ටියව

:       69       105

Bamunuarachchi Tuesday, 19 February 2019 06:32 PM

24 දෙනෙකුගේ ලැයිස්තුවක් ඔබට දුන්නා කියලා රන්ජන් ඔය කියන්නේ. දැන් කව්ද බොරු කියන්නේ රන්ජන්ද කරු ජයසූරියද? නැතිනම් දෙදෙනාමද.

:       1153       667

ruwan Wednesday, 20 February 2019 01:56 AM

ඕකට ඔච්චර නටන්න දෙයක් නෑ.මත්ද්‍රව්‍ය විකුනන්න / ගන්න තහනම් නම් හැමෝගෙම ලේ මුත්‍රා එකක් ටෙස්ට් කරන්න. එතකොට හොයාගන්න පුළුවන් වේවි . කාගෙන්වත් නම් ලිස්ට් ඔන්න නෑ..

:       0       78

Chandra Wednesday, 20 February 2019 02:33 AM

අර පාර්ලිමේන්තුවේ ඇතිවුණු සිද්දියේ කැමරා දර්ශන වලින් නිකම්ම හොයාගන්න පුළුවන් . ඒ තමයි කට්ටිය .

:       3       378

Najeem Wednesday, 20 February 2019 04:41 AM

ගිය සතියේ මධූෂ් මේ සතියේ මාතෘකාව කොකොන් කොහොම හරි අපි ව තියාගෙන මෙයාලා ටයිම් පාස් කරනවා තව රටේ ජනතාව ට කොච්චර ප්‍රශ්න තියෙනවා නේද එක ගැන කවූරුත් කතා කරන්න යන්නේ නැහැ ඕකට කියන්නේ මිනිසුන් අයලෙ යවනවා කියලා

:       0       59

ravi Wednesday, 20 February 2019 05:16 AM

ඕක ඉතින් අහන්න දෙයක් නෙමෙයි ... පාර්ලිමේන්තුවේ හැසිරෙන හැටි බලනකොට ඕව පොඩිළමයෙකුට පවා තේරුම් ගන්න පුළුවන් දේවල් ..! මත්පැන් , මත්ද්‍රව්‍ය පාර්ලිමේන්තුවට අනිවාර්යක් ..!

:       0       74

disanayake Wednesday, 20 February 2019 07:04 AM

මේ හරක් 225 ට වෙන කිසිදෙයක් නැත්ද රටේ දියුණුව ගැන කතා කරන්න. කුඩු ගහන එව්වොත් ඉන්නවද. රටට අබසරණයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site