තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේදී අද(25) අලුයම සිදුවූ වෙඩි තැබීමකින් සිව් දෙනෙකු මිය ගොස් සය දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි තංගල්ල පොලිසිය කියයි.
මෙම සිදුවීම උදෑසන 6.30 ට පමණ සිදු වී තිබේ.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබේ.
ටී 56 ගිනි අවියකින් සහ රිවෝල්වරයකින් වෙඩිතැබීම තැබීම සිදු කර ඇතැයි පොලීසිය පවසයි.
මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් නිශ්චිතවම හඳුනාගෙන නොමැති බවත් , කලක සිට දෙපිරිසක් අතර පවතින ගැටුමක් මෙයට හේතුවන්නට ඇතැයි තෙරතුරු හෙළිවී ඇතැයි පොලීසය පවසයි.
මිය ගිය අය අතර උදෑසන මාළු මිලදී ගැනීම සඳහා පැමිණි පුද්ගලයකු ද සිටින බවත් පොලිසීය සඳහන් කළේය.
නාකුළුගම රජයේ රෝහලේ එක් මළ සිරුරක් තැම්පත් කර ඇති අතර තංගල්ල මුලික රෝහලේ අනික් මළ සිරුරු තැම්පත් කර ඇත.
පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා මේ වන විට ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර තංගල්ල මුලික පොලීසිය පරීක්ෂණ අරඹා ඇත.
අම්බලන්තොට, හුංගම, සුරියවැව,වලස්මුල්ල, යන පොලිස් ස්ථාන වලින්ද මෙහි පරීක්ෂණ කටයුතු සඳහා කැඳවා ඇත.





(ඡායාරූප - අනීෂා මානගේ )




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මේ අලුත් දෙයක් නෙවෙයිනේ. රටම දන්නවා දකුණේ පතාල කල්ලි 2ක් අතරේ මේ ඇහැට ඇහැක් රණ්ඩුව තියෙනවා කියලා. එහෙම එකේ පොලිසිය නිකන් දන්නේ නෑ වගේ ඉන්නේ.. මේවා පිටිපස්සේ මේ රටේ පිළිකාව වෙච්ච දේශපාලකයන් ඉන්න නිසා. මේවට සම්බන්ධ නැති අහිංසක මිනිස්සුත් මේවායින් නිකන් මැරුම් කනවා...
ලංකාව දැන් මිනිමරුවන්ගේ රාජධානියක් කුඩ්ඩන් රජ වෙලා... මේ කාලකණ්නි හැත්ත ඉවර කරන්න ලංකාවට කොන්දක් අැති අවංක රළු නායකයෙක් අවශ්‍යයි. අපට ප්‍රජාතන්ත්‍රවාදය යහපාලනය වැඩක් නැහැ.. නීතියට බය මිනිසුන් අැති රටක් හැදුවා නම් එච්චරයි.. එල්ලුම් ගහ කටින් බතල විතරයි අපිට කන්න නැතත් කමක් නැහැ. කුඩ්ඩන් පාතාලයන් මරා දමන්න. එ්ක කරන්න ඕන දෙයක් දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්...
දින පනහයි.. මේ අයලෙන් බේරිලා ඉන්න පුළුවන් වුනේ... අායෙත් පටන් අරගෙන...
එක රටේ එකට ඉන්න බැරිනම්. ගමේ එකට ඉන්න බැරිනම් මෙහෙම තමතමන් තුවක්කු අරන් වෙඩි තියාගෙන මරාගෙන මැරෙන එක හොඳයි. නිකං නඩු අහල ලෝයර්ලට වියදම් කරලා රටේ මිනිස්සුන්ගේ සල්ලි වියදම් නොකර තමන්ගේ වියදමෙන් තුවක්කු අරන් වෙඩි තියාගෙන මැරෙන්න. ඊළඟට අනිත් පැත්තේ තව 4...5ක් මරලා දාවි. ඔහොම ඔහොම ගිහිං ඔක්කොම නැති වුණාට පස්සේ අනිත් අයට සැනසිල්ලේ ඉන්න පුළුවන්...
දවසින්.. දවස අපේ රට " මාරාන්තික පරිසරයක් " බවට පත්වෙනවා... සිද්ධ වෙන දේවල් දකිනකොට පාරේ බැහැල යන්නත් බය හිතෙනවා.
කුඩාවැල්ලේ තිදෙනෙක් මාලු දහස් ගණනක් මරා දමා ඇත...
නත්තල් තෑගි.
දවසට 3-4 මිනී මැරෙනවා. කෝටි ගණන්වල කුඩු විකිණෙනවා අපරාධ කරුවන්ට ඇප ලැබෙනවා. නඩු අහන්න අවුරුදු 10-15 යනවා. ඒ අතර තවත් මිනීමරනවා කුඩු ගේනවා. නිවට නායකයින්ට මේවාට විසඳුමක් නැහැ. මේ රට බෞද්ධ රටක්... අන්‍ය ආගම් ජනගහනය අනුව සුළු ආගම්... බුදුන්වහන්සේ මරණීය දණ්ඩනය දෙන්න එපා කියා වදාරා නැත. එහෙනම් ඇයි මිනීමරුවන්ට කුඩුකාරයින්ට මරණීය දණ්ඩනය දෙන්න මෙපමණ අකමැත්ත... කඩේකට ගොස් ටොපියක් ගන්නවා වගේ තුවක්කු මිලට ගන්න පුළුවන් රටවලත් මෙතරම් මිනී මරන්නේ නැහැනේ. මගේ පුද්ගලික අදහස නම් හැමකෙනාටම තුවක්කු පාවිච්චිය අවසර දුන්නොත් මිනීමරුන් අඩුවේවි..!!! මොකද අනිකා ලඟත් තුවක්කුවක් තිබෙන නිසා. මන්ත්‍රීට ජීවිත ආරක්ෂාවට පිස්තෝල දී තිබෙන්නේ ඒ අයගේ ජීවිතය විතරද? ආරක්ෂා වියයුත්තේ...
රටින් පැන්න පාතාලයෝ ගෙන්නුවේත් මේ ගොල්ලෝම තමා. ඔබලා රටට සහන දෙනවිට කුඩු කාරයින්ට කුඩු ගෙන්වීමේ සහනත්, පාතාලයින්ටත් අදාළ සහනත් දෙනවාද?