තරිඳු ජයවර්ධන
කුඩාවැල්ල ධීවර වරායේදී වෙඩි තබා හතර දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන දින හතක් නිල නොවන ලෙස රඳවාගෙන සිටියදී පැන ගියැයි කියන සැකකරුවකු කෑගල්ලේදී අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග කියයි.
කුඩාවැල්ල ධීවර වරායේ වෙඩි තැබීමේ සිද්ධියට දකුණු පළාත් සභා මන්ත්‍රීවරයකු සම්බන්ධ බවට ප්‍රකාශයක් කරන්නැයි තංගල්ල පොලිස් නිලධාරීන් පිරිසක් තමා නීතී විරෝධීව රඳවාගෙන පහර දුන් බව සැකකරු කෑගල්ල පොලිසියට කියා තිබෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට දුරකතනෙයන් ලැබුණු තොරතුරක් අනුව කෑගල්ල බස් නැවතුම්පොළ ආසන්න වැසිකිලියක් පිටුපස සැඟවී සිටියදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ජනවාරි නව වැනි දා කේඩීඑච් වෑන් රියකින් පැමිණි පොලිසියේ පිරිසක් හක්මන පාරේ වහරක්ගොඩදී තමා අත්අඩංගුවට ගෙන තංගල්ල කොට්ඨාස අපරාධ ඒකකය පිටුපස නිවසක දින නවයක් පමණ රඳවාගෙන සිටි බවත්, කුඩාවැල්ලේ වෙඩි තැබීමට දකුණු පළාත් සභා මන්ත්‍රීවරයකු සම්බන්ධ බවට ප්‍රකාශ කරන ලෙස පහර දුන් බවත් සැකකරු ප්‍රකාශ කර තිබේ. එලෙස ප්‍රකාශයක් ලබා නොදුනහොත් අයුධ සොයා ගැනීමට කියා රැගෙන ගොස් වෙඩි තබා මරා දමන බවට පොලිසියෙන් තර්ජනය කළ බව ද, තංගල්ල පොලිස් ප්‍රධානියකු හමුවට තමා යොමු කළ විට රඳවාගෙන පහරදීම ගැන හා බොරු ප්‍රකාශ ලබාදිය නොහැකි බව සඳහන් කළ බව ද සැකකරු කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ලබා දුන් ප්‍රකාශයේ සඳහන් වේ.
ඉන් පසු 2019 ජනවාරි 18 වැනි දා උදේ වැසිකිලියට යෑමට යැයි කියා අත්මාංචු ගලවාගෙන ජනේලයෙන් පැන ගිය බවත් සැකකරු ප්‍රකාශ කර තිබේ. ඔහු කෑගල්ලේ රැඳීසිටීමට හේතුවක් ප්‍රකාශ නොකිරීම නිසා සැකපිට අත්අඩංගුවට ගත් බව ද පොලිසිය සඳහන් කරයි.
පොලිසියෙන් තමාට පහර දුන් බව හා දින නවයක් තිස්සේ අත්මාංචු දමා තිබූ බව කී හෙයින් ඔහු අධිකරණ වෛද්‍ය නිලධාරියකුට ඉදිරිපත් කළ බවත් ඔහුගේ ශරීරයේ තැලුම් තුවාල ඇතැයි එම වෛද්‍ය වාර්තාවේ සඳහන් වන බවත් පොලිසිය කියයි.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
කුඩාවැල්ලෙන් පැනගිය සැකකරු කෑගල්ලෙන් අල්ලයි