(මහින්ද නිශ්ශංක)

මාසයකට සීනි හා පරිප්පු මෙට්ට්‍රික් ටෝන් 2500ක්  බැගින් ඉන්දියාවෙන් සහ ඕස්ට්‍රේලියාවෙන්  ආනයනය කරන බවට මීට මාස දෙක තුනකට කලින්  වෙළෙඳ අමාත්‍යංශය ප්‍රකාශ කළද  රජය මැදිහත් වීමෙන් මෙතෙක් සීනි හෝ පරිප්පු  ඇටයක්වත් මෙරටට ගෙන්වා නැතැයි ආනයනකරුවෝ පවසති.

ඉන්දියානු රාජ්‍ය සමාගමකින් සීනි මිලදි ගැනීමටත් ඕස්ට්‍රේලියා සමාගමකින් පරිප්පු මිලදි ගැනීමට ගිවිසුම් ගත් වන බව කීවත්  මෙතෙක් එවැන්නක් සිදුව ඇතැයි ද ආනයන කරුවෝ විමතිය පළ කරති.