IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කඩාවැටුණු ව්‍යාපාරවලට 4% පොලියට ණය

(***රංජන් කස්තුරි සහ ***හර්ෂණ තුෂාර සිල්වා)

කොරෝනා ව්‍යසනයෙන් කඩාවැටුණු ව්‍යාපාරවලට සියයට 4 ක සහන පොලී අනුපාතයක් මත ණය නිකුත් කිරීම සඳහා පියවර ගන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකුවලට උපදෙස් ලබාදී තිබේ.

එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා අලුතින් ණය ක්‍රම කීපයක්ම හඳුන්වා  දීමට ඉදිරියේදී පියවර ගන්නා බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව සියයට 1 ක සහන පොලියක් මත වාණිජ බැංකුවලට අරමුදල් ලබාදෙන අතර එම මුදල් භාවිතා කර වාණිජ බැංකුවලින් සියයට 4 ක පොලී අනුපාතයක් යටතේ ණය නිකුත් කළ හැකි වන බවද මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව අලුතින් හඳුන්වා දෙන මෙම ණය ක්‍රම මගින් කොවිඩ් වසංගතයෙන් කඩා වැටුණු ව්‍යාපාර යළි නංවාලීම සඳහා රුපියල් කෝටි 15000 ක ණය නිකුත් කළ හැකිවනු ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

සහන පොලී අනුපාතයක් යටතේ මහ බැංකුව දැනටමත් රුපියල් කෝටි 2750 ක අරමුදල් වාණිජ බැංකු වෙත සපයා දී ඇතැයිද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

කොරෝනා වසංගතය හේතුවෙන් කඩා වැටුණු මෙරට ආර්ථිකය නගා සිටුවීමේ රජයේ ප්‍රයත්නයට සහාය දීමක් ලෙස මෙම ණය වැඩසටහන් හඳුන්වා දෙන බවද මහ බැංකුව සඳහන් කරයි.

 



අදහස් (10)

කඩාවැටුණු ව්‍යාපාරවලට 4% පොලියට ණය

ඉලන්දරගේ ධනුක්ෂාණි දිපිකා කුමාරසිංහ Sunday, 30 April 2023 04:28 PM

ව්‍යාපාරය දියුණු කිරිමට...

:       0       0

Dilrukshi rajapaksha Monday, 15 May 2023 08:05 AM

තවම මෙම ණය ලබා දෙනවාද?

:       0       0

Duggannawalawe rathnakumari hami Thursday, 01 June 2023 04:40 PM

ව්‍යාපාර දියුණු කරගන්න.

:       0       0

D.w rathnakumari hami Thursday, 01 June 2023 05:40 PM

ව්‍යාපාරයට භාණ්ඩ සපයා ගන්න.

:       0       1

Duggannawallwe rathnakumarihami Friday, 01 September 2023 12:07 PM

මම ව්‍යපාරයක් කරන කෙනෙක් කොහොමද ලෝන් එක අරගන්නෙ.

:       0       0

NiROSHA samanmalee senanayake Saturday, 28 October 2023 03:39 PM

හොඳයි...!

:       0       0

Lakshitha Friday, 12 January 2024 12:00 PM

මම අයන් වර්ක්ස් එකක් කරා දැනට රටෙ පවතින තත්ත්වය නිසා එය වසාදැමිමට සිදු වුනා මට නයක් ගැනිමට පුලුවන්ද

:       0       0

W.W සම්පත් කුමාර නවරත්න Thursday, 15 February 2024 12:18 PM

මම සිල්ලර බඩු වෙලද සැලක් පවත්වාගෙන යන අතර ඒ සදහා 4%මේ ලෝන්එක ගන්නේ කොහොමද

:       0       0

සම්පත්සේනකබණ්ඩාර බිඑම් Tuesday, 26 March 2024 12:08 AM

දුකේ පවුල් ළඟා සිටුවීම සඳහා මුදල් ආධාර ලබා දෙන්න බැරිද අපි ට වයඹ ශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නට සූදානම් සම්පත් සංවර්ධන අධිකාරිය මගින් ඒ සඳහා දක්වන්න පුලුවන්ද

:       0       0

ආර් පි ජස්ටින් Saturday, 21 June 2025 05:17 AM

මම සංචාරක සේවාවන් සපයන වියාපරයක් කරන අයෙක්. පාස්කු කොරෝනා සහ රටෙහි පැවතුණු අර්බුදය හේතුවෙන් ව්‍යාපාරය අගතියට පත්වූ අප වෙනුවෙන් සහනාධාර නව මුදලක් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් ලබා ගන්නේ කොහොමද? ලබා දුන් සහන ණය කාලය ගිනි පොලියක් අපෙන් අය කර ගත්තා... උදව් කරන්න ස්තුතියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 587 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site