(ඩයනා උදයංගනී)
සීදුව ප්‍රදේශයේ කඩොලාන පද්ධතියක් ආශ්‍රිතව අද (20) ඇතිවූ ගින්න සැක සහිත බැවින් එය හටගත් ආකාරය සොයා බැලීම සඳහා පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවසීය.
මෙම ගින්න ඇතිවූයේ ගම්පහ දිස්ත්‍රික් අඩවි නිලධාරී දේවානි ජයතිලක මහත්මිය විසින් බේරා ගැනීමට සටන් කරන කඩොලාන පද්ධතියේම වීම නිසා එය කිසිවකු විසින් සැලසුම් සහගතව සිදුකළැයි ද යන්න ගැන සැකයක් ඇතිවන බව මන්ත්‍රීවරයා කීවේය.
එබැවින් කඩිනම් පරීක්ෂණයක් සිදුකර මෙය කිසිවකු විසින් සැලසුම් සහගතව සිදුකර ඇත් නම් දැඩි දඬුවම් ලබාදෙන්නැයි තමන් ඉල්ලා සිටින බව ද ආශු මාරසිංහ මහතා සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ, ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේදී අද (21) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙම කඩොලාන පද්ධතියට විවිධ දේශපාලනඥයන්ගේ බලපෑමෙන් කාලයක් තිස්සේ අපද්‍රව්‍ය බැහැර කිරීම ද කණාගාටුවට කරුණක් බව කී මන්ත්‍රීවරයා දැන් හෝ එම වරද නිවැරදි විය යුතු බව ද ප්‍රකාශ කළේය.
මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පැවසුවේ ත්රිකුණාමටය වරායේ තිබූ ත්‍රින්කෝ 1 නැමති රුපියල් කෝටි 16ක් පමණ වටිනා අධි තාක්ෂණික යාත්‍රාව වරාය අධිකාරියේ ප්රබලයකුගේ පුතයෙකු ඉකුත් ජනවාරි 20 වැනිදා එහි සංචාරයක් ගිය අවස්ථාවේ භාවිතා කර එයට රුපියල් ලක්ෂ 80ක පමණ හානියක් සිදුකර ඇති බවයි.
මෙය හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් 2019 වසරේ යෙදුණු ජපන් සංචාරයකදී එරටින් නොමිලේ ලැබුණු යාත්‍රාවක් බව කී මන්ත්‍රීවරයා ශ්‍රී ලංකාවේ තිබූ එකම අධිතාක්ෂණික යාත්‍රාව එය බවද සඳහන් කළේය.
එය යාත්‍රා කරවීම සඳහා පුහුණු කළ නියමුවන් දෙදෙනකු සිටියදී වෙනත් අයකු ලවා යාත්‍රා කරවීම නිසා මුහුදු පත්ලේ ගල්පරවල ගැටී එහි තාක්ෂණ පද්ධතියට හානි වී ඇතැයි ද මන්ත්‍රීවරයා කීවේය.
COMMENTS
අර නෝනා පිට්ටනිය හදන්න දෙන්න බෑ කිව්වේ ඔතැනද දන්නේ නැහැ. මතක නැහැ මට...
මේක ස්ථිරවම ඔක්සිජන් එපා කියපු එවුන්ගේම වැඩක්... ඕකට මුල්වුණු මන්ත්‍රි ඊළඟ සැරේ පාර්ලිමේන්තු එවන්න එපා. ගම්පහ ජනතාව අවධියෙන්..!
කඩොලාන ගිනිතිබ්බ කට්ටිය හෙමින් සැරේ හොයාගෙන ඒ දුෂ්ඨයින්ගේ ගෙවල් ගිනිතියමු.
කරුණාකර කඩොලාන පද්ධතියේ ඇති වූ ගින්න ගැන වගේම අදාළ යාත්‍රාවට සිදුකල හානිය ගැනත් කඩිනම් පරීක්ෂණයක් කර පුද්ගලයාගේ තරාතිරම නොබලා දඬුවම් කිරීමටත් හානියේ තරමට දඩ මුදල් අයකර ගෙන අදාළ යාත්‍රාව ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නා ලෙසත් බලධාරීන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි. පක්ෂ, පාට පුද්ගල තරාතිරම නොබලා මේවාට දඬුවම් නොකළොත් පවතින රජයටත් වැඩි ආයුකාලයක් හිමි නොවනු ඇති බවටත් අවධාරණය කරමි.
වෙන කවුද ඉතින් ඕකට ගිනි තියන්න යන්නේ..? අනිවාර්යයෙන්ම දේශපාලකයින්ගේ හෙන්චයියන් මිසක්. යූ ටර්න් ජනාධිපති තුන්වෙනි වතාවටත් තමන් කියන විදිහට වැඩ කරන්න කියලා අධිකරණයට තර්ජනය කරපු එකේ කඩොලාන කැලෑව ගිනි තියන්න මොකට බය වෙනවද?
කොහොමත් අපේ රටේ විනාශයේ මුල දේශපාලුවෝ. ඒගැන නොදන්නේ ඉපදෙන්න ඉන්න දරුවාත් මලගිය අයත් පමණි. අර ඔක්ෂිජන් ඕනේ නැතැයි කි හෙන්චයියාගේත් කඩලාන ගොඩකරන්න හදන දෙශපාලයන්ගේ අම්මලා අප්පලා ගෙන් ඇහැව්වොත් කඩලාන ගිනිගත් හැටි පැහැදිලි ලෙසම සියලු අටුවා ටීකා සහිතව කියා දෙයි. ජනාධිපතිෙතුමනි මේ අපේ අනාගත පරපුරේ උරුමයන්ය.
ඔක්සිජන් එපා කිව අයගේ වැඩ තමා
කඩොලාන විනාශකර ඉස්සන් කොටු දැමීම ගැණත් පරීක්ෂණ කරන්න.