IMG-LOGO

කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවන්නැයි විපක්ෂ නායක ඉල්ලයි

හර්ෂණ තුෂාර සිල්වා
 
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පරමාධිපත්‍ය පවත්වා ගැනීම  සහ පාර්ලිමේන්තුවේ පරමාධිපත්‍යය හඳුනා ගනිමින් කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවන්නැයි විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතා කතානායක කරු ජයසූරිය මහතාට ලිපියක් යවමින් දන්වා ඇත.
 
විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා කතානායක කරු ජයසූරිය මහතාට මෙම ලිපිය යවා ඇත්තේ අද (28) පස්වරුවේය.
 
එම ලිපියේ මෙසේ ද සඳන්වේ.
 
“ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පරමාධිපත්‍ය පවත්වා ගැනීමේ අවශ්‍යතාව හඳුනා ගනිමින් සහ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත්වූ ජනතා නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවේ පරමාධිපත්‍ය හඳුනා ගනිමින්, නීතියේ ආධිපත්‍යය පවත්වා ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවට එහි නීත්‍යනුකූල කටයුතු කරගෙන යෑම සඳහා පාර්ලිමේන්තුව කැඳවන්නැයි මම ඔබෙන් ඉල්ලා සිටිනවා”. 



අදහස් (13)

කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවන්නැයි විපක්ෂ නායක ඉල්ලයි

rohana Sunday, 28 October 2018 06:52 PM

ඒක ඉක්මනින් කරන්න බැහැ කට්ටිය කෝටි 5 ගානේ දීලා බාගන්නත් ඕනනේ. මොකද හොරකම් කරපු සල්ලි කෝටි ප්‍රකෝටි ගණන් තියෙනවනේ.

:       1       97

Ratnamalala Sunday, 28 October 2018 08:45 PM

මෙයා දෙමල අයගේ විපක්ෂ නායකයා. මහින්ද බහුතරය පෙන්නුවොත් රනිල් තමා ඊලග විපක්ෂ නායකයා. මේ හිටපු කාලයටම කරපු දෙයක් නැහැ.

:       25       108

Bamunuarachchi Sunday, 28 October 2018 10:45 PM

දැනුයි මෙයා නින්දෙන් ඇහැරිලා තිබෙන්නේ. ජනාධිපතිගේ බලතල පාවිච්චි කරලා කල යුතුදේ කරාවි. ජනාධිපතිගේ කතාවෙන් පසුව අපිට පාර්ලිමේන්තුව ගැන විස්වාසය නැතිඋනා. එම නිසා පාර්ලිමේන්තුව නොපවත්තුවොත් ඔබලාට දෙන දීමනාව වත් රටට ඉතිරි වෙනවා.

:       30       60

Chanak Los angeles Monday, 29 October 2018 12:22 AM

මෙන්න අගමැති තනතුරට සුදුසු මහත්මයෙක්

:       146       13

Gamage Monday, 29 October 2018 12:41 AM

ලංකාවේ විපක්ෂ නායකයෙක් ඉන්නවාද? අපි නම් දන්නේ අදයි ආණ්ඩූව තක්කඩි කම් කරනකොට මෙයා හිටියෙ කොහෙද?

:       8       88

dhammika perera Monday, 29 October 2018 12:55 AM

කණගාටුව ඔබතුමාට තේරෙනදේ මේ රටේ මුල් පුරවැසියාට තේරෙන්නේ නෑ.

:       112       67

de silva Monday, 29 October 2018 01:10 AM

අපේ ප්‍රජාතාන්ත්‍රික අයිතිය අපට දෙන්න....... පාර්ලිමේන්තුව රැස් කරන්න

:       248       251

de silva Monday, 29 October 2018 01:19 AM

රටේ ආර්ථිකය බලන් ඉදිද්දී විනාශ වෙනවා...... මම වැඩකරන සංචාරක හෝටලේ පසුගිය දවස් 2 තුළ නොවැම්බර් , දෙසැම්බර් , ජනවාරි , පෙබරවාරි මාසවල තිබුණ බුකින් 11 කැන්සල් වුණා , මේවගේ එකතුව ලක්ෂ 7-8 ඉදිරියට තව කියක් කැන්සල් වේවිද දන්නේ නැහැ ,මේවා අපේ රටට්ට කෙලින්ම එන විදේශ විනිමය රුපියල වැටුනොත් , බඩුමිල නගිනවා , කවුද අගමැති කියන එක නොවේ වැදගත් , පාර්ලිමේන්තුව කැඳවල රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න නැතිනම් ඉදිරියට රටේ ගැටුම් ඇති වේවි , ජනාධිපතිතුමනි මේකද ඔබ අපට 2015 පොරොන්දු වුණා මෛත්‍රී පාලනය

:       57       89

Udaya Monday, 29 October 2018 01:56 AM

දෙවියන්ගේ නාමෙට ඒක තමයි කල යුතු ඉතාමත් වැදගත් දෙය.

:       105       78

vipula Monday, 29 October 2018 04:21 AM

පාර්ලිමේන්තු සැසිවාරවලදී පාර්ලිමේන්තුවට එන්නේ නැති අයටනේ උවමනාව.

:       26       144

gunarathna Monday, 29 October 2018 04:29 AM

අනේ නිකන් විහිලු කතා නොකිය ඉන්නවද? දැන් කොහෙද විපක්ෂ නායකයෝ. තව ටික දවසකින් රනිල් විපක්ෂ නායකයා වෙනවා.

:       58       149

ලුම්බිණි Monday, 29 October 2018 05:13 AM

මෙතුමා මේ ඉල්ලීම වැදගත් විදියට කරලා තිබෙනවා.

:       3       25

sandy Monday, 29 October 2018 05:42 AM

දත් මැදලා බලන් ඉන්න.

:       18       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 125 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 667 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site