
(ඩයනා උදයංගනී)
තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දුම්රිය ධාවනයට ද බාධා එල්ල වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඊයේ දින ඇද හැලුණු ධාරානිපාත වැසි හේතුවෙන් කඩිගමුව දුම්රිය ස්ථානය අසල නායායෑමක් සිදුවී ඇති අතර මේ හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු රඹුක්කන සිට ඉහළට දුම්රිය ධාවනය වන සියලු දුම්රියයන් අවලංගු කර ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙන් පැවසීය.
නාය යෑමෙන් දුම්රිය මාර්ගයේ කොටසක් සම්පූර්ණයෙන්ම පාහේ විනාශවී ඇති අතර දෙවන වේදිකාවේ කොටසක් ද නායයෑමට ලක්වී ඇත.
මේ අතර පොල්ගහවෙල සහ පනලිය අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසා ද දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd