(ඉන්දිකා රාමනායක)
රුපියල් කෝටි 4 1/2 ට ආසන්න වටිනා බීඩි කොළ කන්ටේනරයක් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ඔරුගොඩවත්ත රේගු අංගනයෙන් නීතිවිරෝධීව පිටකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ක්ලේකුඩු මුවාවෙන් චීනයේ සිට මෙරටට මෙම බිඩී කොළ තොගය ආනයනය කර ඇත.
මෙම කන්ටේනරය චීනයේ සිට ඉකුත් 2019 අගෝස්තු මස දිනක මෙරටට ඒවා ඇත්තේ ඉන්දීය ජාතිකයකුගේ නමට බව පොලිසිය පවසයි.
එම කන්ටේනරය බාර ගැනීමට හිමිකරු ඉදිරිපත් නොවීමෙන් ඒ සම්බන්ධයෙන් ඇති සැකයක් අනුව රෝගී නිලධාරීන් විසින් එය විවෘත කිරීමේ දී ක්ලේ කුඩු මුවාවෙන් ගෙන්වා තිබූ කන්ටේනරයේ තිබී ඇත්තේ බීඩිකොළ බවට හෙළි වී ඇත.
මෙම කන්ටේනරය රේගු බාරයට ගෙන එය ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීම සදහා ඔරුගොඩවත්ත රේගු අංගනයේ රඳවා තිබියදී මෙම සිද්ධිය සිදුව ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
ඔරුගොඩවත්ත රේගු අංගනයයේ පිරිසක් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ඉකුත් පෙබරවාරි 22 දින මෙම කන්ටේනරය මුදාගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.
වෙන්දේසිය සඳහා තබා තිබූ මෙම කන්ටේනරය කිසිවකු විසින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර මුදාගෙන ඇති බවට සහකාර රේගු අධිකාරිවරයකු ඉකුත් 11 වැනිදා සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසියට කළ පැමිණිල්ලක් අනුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබිණි.
මෙම කන්ටේනරය රැගෙන යන වාහනයේ අංකය වශයෙන් ගේට්ටු අවසර පත්‍රවල සඳහන් අංකයෙන් සහිත වාහනයකින්, වෙනත් අංකයක් සහිත වාහනයකින් බවද පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂණ නිලධාරීන්, රේගු නිලධාරීන් ඇතුළු හය දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගත් බවද පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 30
49
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කෝටි 4 ක බීඩි කොළ කන්ටේනරයක් පිටකිරිම ගැන පරීක්ෂණ