IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කෝටි 4ක කුෂ් රේගුවෙන් අල්ලයි

(යොහාන් භාසුර සහ ටී.කේ.ජී. කපිල)

රුපියල් කෝටි හතරකට ආසන්න වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය අද (16) පෙරවරුවේ අත්අඩංගුවට ගත්තේ යැයි රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පැවසීය.

සීදුව ප්‍රදේශයේ පිහිටි කුරියල් ආයතනයකට නෙදර්ලන්තය සහ ඇමරිකාව යන රටවල්වලින් පිළියන්දල, ඉංගිරිය, මිනුවන්ගොඩ, මාතර සහ පොල්ගස්ඕවිට යන ප්‍රදේශවල ව්‍යාජ ලිපිනයන්ට එවා තිබූ පාර්සල් පහක් පරීක්‍ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බවත් ජංගම පුටුවක් තුළ සඟවා තිබී කුෂ් ගංජා ග්‍රෑම් 3900 ක් සහ ලියුම් කවරයක තිබී ගංජා ඇට විශාල ප්‍රමාණයක් සොයාත් බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතාගේ සෘජු අධීක්ෂණයෙන් අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් වන සී. පෙරිම්පනායගම් සහ ඊ. ආනන්ද් ඊශ්වරන් යන මහත්වරුන්ගේ මග පෙන්වීම යටතේ රේගු අධ්‍යක්ෂකවරුන් වන කෝකිලා අල්විස්, සමාජ ආරක්ෂණ ඒකකය අධ්‍යක්ෂක ප්‍රියන්ත සපරමාදු, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරුන් වන අශෝක රත්නායක සහ තිලක් වැලිකල, රේගු අධිකාරීවරුන් වන සමින්ද මාරසිංහ, නිර්මලා බානගල, උදය ගාමිණී, හසන්ත ගුරුගේ සහ රේගු තක්සේරු නිලධාරි කමල් සුමනසිරි යන මහත්වරු ඇතුළු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීහූ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළහ. මත්ද්‍රව්‍ය තොගය වැඩි දුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට බාර දුන්නේය.



අදහස් (0)

කෝටි 4ක කුෂ් රේගුවෙන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 612 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site