( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බංගලාදේශ ජාතික තරුණියක් මත් කුඩු සමඟ රත්මලානේ නිවසකදී අත්අඩංගුවට ගත් බව පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශය පවසයි.
ඊයේ (15) රාත්‍රියේදී ඇය අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගන්නා විට ඇයට සතුව හොරොයින් මත් ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 32 ක් තිබු බවද කාර්යාංශය සඳහන් කරයි.
මෙම හෙරොයින් තොගයේ වටිනාකම කෝටි 39 ක් බව ද මත් ද්‍රව්‍ය කාර්යාශය පවසයි.
කේක් පෙට්ටිවල බහා මෙය ඇසුරුම් කර තිබියදී අත්අඩංගුවට ගෙන තිබේ.
මීට දින කිහිපයකට පෙර බේරුවල මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් හෙරොයින් පාර්සල් වලට මෙම හෙරොයින් පාර්සල් සමාන බවද කාර්යාංශය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහලය පක්ෂ වලට බෙදිලා කුලල් කා ගන්න අතරේ ලංකාව ආක්‍රමණය කිරීමේ ක්‍රියාවලිය ජයටම සිදු වෙනවා.
බංගලාදේශයේදී අහු උනා නම් මරණ දඬුවම.
මේ හොරොයින් තොගය රටේ තරුණ පරපුරට මහා ව්‍යවසනයක් කිරීමට ඉඩ තිබුණා. මේ වැටලීම කළ ශ්‍රී ලංකා පොලීසියට අප ණයගැති විය යුතුයි.