(නිමන්ති රණසිංහ,ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඩුබායි රාජ්‍යයේ සිටින “නඳුන් චින්තක වික්‍රමරත්න” නොහොත් ‘හරක් කටා” නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා ගේ ප්‍රධාන ගෝලයකු වන “රන් මල්ලී” නමැත්තාට අයත් බව කියන රුපියල් කෝටි 330කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 330ක් සමග සැකකරුවන් 11 දෙනකු අද (24) දකුණු ජාත්‍යාන්තර මුහුදේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.
මෙම හෙරොයින් තොගය සමග ශ්‍රී ලාංකික පිරිසක් ද අත්අඩංගුවට ගත් බව ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සදහන් කරයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව රාජ්‍ය බුද්ධි සේවාව, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව සමග එක්ව කළ ඒකාබද්ධ මෙහෙයුමකට අනුව මෙම හෙරොයින් සහිත ධීවර යාත්‍රා දෙකක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.


COMMENTS
ඔය මොනවා ඇල්ලුවත් මේ වෙලාවේ ජනතාව ඉන්නේ කන්න නැතිව ලොකු පීඩනයකින්. ඕවා පෙන්නලා අපිව ආයේ රවට්ටන්න බැහැ හොඳේ..!