(ටී.කේ.ජී.කපිල )
රුපියල් තුන්කෝටි දහනමලක්ෂ හැත්තෑපන්දහස් එකසියඅසූවක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධීව ශ්‍රී ලංකාවට ගෙන ආ මගීන් 14දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.
මොවුහු අවුරුදු 30ත් -50 ත් අතර වයස් වල පසුවන, කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ගුවන් මගින් කුලී පදනම මත ඉන්දියාවට ගොස් මෙරටට භාණ්ඩ රැගෙන එන පිරිසකි.
ස්වර්ණාභරණ තොගය කිලෝග්‍රෑම් 4 යි ග්‍රෑම් 700 ක් බර බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 273 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත මොවුන් පැමිණ තිබුණි.
ඔවුන් ගෙනැවිත් තිබූ රෙදි සහ ඇඳ සිටි වස්ත්‍රවල මෙම ස්වර්ණාභරණ සඟවා පැමිණ සිටියදී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.


COMMENTS
මේ අල්ලන රත්තරන් ලංකාවේ දියුණුවට යොදනවද? හැමදාම කෝටි ගණන් වලින් අල්ලන්නේ.
අයියෝ සල්ලි.
රට වෙනුවෙන් නෙමේ... ඔය කට්ටිය වෙනුවෙන් ගන්නවා භාගයක් විතර අල්ලන්න ඕනෑදෙයක් අන්තිමට අල්ලන්න රත්තරන් තබන්න වෙනවා...