(බදුල්ලේ පාලිත ආරියවංශ)
රුපියල් කෝටි 3කට මිලකර තිබූ වාලම්පුරියක් රුපියල් දෙකෝටි අනූපන් ලක්ෂයකට අලෙවි කිරිමට උත්සාහ කළ සැකකරුවෙකු හාලිඇල උඩුවර 7 කණුව ප්‍රදේශයේ තේ වත්තක කම්කරු නිවාසයකදී එම වාලම්පුරිය සමග අත්අඩංගුවට ගැනීමට ඌව නියෝජ්‍ය පොලිස්පති ජගත් පළිහක්කාර මහතා යටතේ පවතින බදුල්ල දිස්ත්‍රික් වැටලීම් ඒකකය අද (02) රාත්‍රී සමත්විය.
ලැබුන තොරතුරක් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණි.
කම්කරු නිවාසයක් තුළ කාමරයක් තුළ සුදුහාල් වලින් ආවරණය කර තිබූ මෙම වාලම්පුරිය යාපනයේ සිට රැගෙන ආ බව සැකකරු පවසා තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු නාවලපිටියේ තේ වත්තක පදිංචි කරුවෙක් බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා නීති විද්‍යාලයේ පැවැති විභාගයට නීතිඥවරුන් දෙදෙනකුගේ සහය ඇතිව නීත්
“පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන)” නමැති පනත් කෙටුම්පත සමස්තයක් ලෙස සහ විශේෂයෙන් කියවිය යුතු 2 සහ 3 වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍ය
විදුලි කප්පාදුව තවදුරටත් ක්‍රියාත්මක නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා අද (14) පෙරවරුවේ පැවසීය.
ජාතික ජන බලවේගයෙ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොඩ් ෆයිසාල් මහතා ගමන් කරමින් තිබු මෝටර් රථය කොස්වත්ත පොලිස් වසමේ හාල්දඩුවන ප්‍රදේශයෙ
මත්තල ප්‍රදේශයේ වගා ඉඩමක් රැක බලාගත් පුද්ගලයෙකු ළග තිබී විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 පතොරම් තුවක්කුවක් සමඟ අයෙක් ඊයේ (13) රාත්‍රි අත් අඩංගුවට ගත්බව මත්තල
පෙම්වතුන්ගේ දිනය යෙදෙන අද(14) පාසල් සහ උපකාරක පන්ති නොපැවැත්වෙන බවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂයේ යොදාගෙන බොරු පුවතක් සමාජ මාධ්‍ය වල ප්‍රචාරය ක
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
කෝටි 3ක වාලම්පුරියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
Ruwan Saturday, 02 March 2019 02:45 PM
පොළවෙන්, මුහුදෙන් හම්බවුන සම්පත් ඒ හොයාගත්ත පුද්ගලයාට අයිති නැත්ද එතකොට ?
ප්‍රසන්න Saturday, 02 March 2019 04:13 PM
දන්න කෙනෙක් කියනවාද, වාලම්පුරි, තියාගන්න හරි විකුණන්න හරි තහනම් ඇයි කියලා? කොලඹ පැත්තේ කෙනෙක් ප්‍රසිද්ධියේ වාලම්පුරි විකුනුවා. මේ ළගකදී එයා බොරු වාලම්පුරි විකුනලා පොලිසිස් අත් අඩංගුවටත් පත් වුනා..
HRSunday, 03 March 2019 03:18 PM
මටත් තියෙන ප්‍රශ්නයක් තමයි මේක..
kumara Saturday, 02 March 2019 05:54 PM
දැන් ඒ අහිංසක මනුස්සයා මේක විකුණලා කීයක් හරි ගත්තම මොකද්ද තියන වැරැද්ද.. පොලිසිය කියන්නේ, පැහැදිලි ඊරිසියාවම තමයි..
dias Saturday, 02 March 2019 06:25 PM
මා සිතන්නේ පොලිසිය බෙලි කටු පස්සේ යන්නේ නැතිව මත් කුඩු මුදලාලිලා, මිනීමරුවන්, මංකොල්ලකරුවන් පසු පස යනවා නම් වඩා හොඳ යයි කියායි.
Nihal Saturday, 02 March 2019 08:19 PM
පිලිපීනෙන් ඕවා ඕනේ තරම් නිකන් ගන්න පුළුවන්
ඇත්ත සත්‍යපාල Saturday, 02 March 2019 09:57 PM
කකුළුවෝ ඉස්සෝ දැල්ලෝ විකුනන්න පුලුවන්නම් මුහුදේ ඉන්න ගොලුබෙලි කට්ටක් කෝටි ගණන් දීලා ගන්න සල්ලි තියන අයත් ඉන්නවානම් එවැනි සල්ලි බෙලි කටුවක් විකුණා තමන් සතු කර ගැනීමේ වරද කුමක්ද? දකුණට කැරකුණ බෙලි කට්ටක් රුපියල් 10-15 කට විකුනන්න සහ ගන්න පුලුවන්නම් වමට කැරකුණ කට්ට විකුනන්න හෝ ගන්න බැරි නීතිය කුමක්ද ? වාලම්පුරි විදේශ වලින් ගෙන්වීම තහනම් කර රටේ සල්ලි පිටරටට යන නිසා ඉන් පසු මේ අටමගල් කටු විකිණීම නිත්‍යානුකුල කරන්න. එවිට ලග ඇති කෝටි ගණන් මුදල් ඔලුව ඇති කෙනෙකුට ලැබීමෙන් රටට යහපතක්ම වේ. මේවාට රැවටී මිලදී ගන්නා අය ලග එතරම් මුදල් තිබීම රටකට කෙසේවත් යහපතක් නොවේ.
Thilanka-sydney Saturday, 02 March 2019 10:33 PM
ඡායාරූපය අනුව මෙය වාලම්පුරියක් නොවේ. වාලම්පුරියක් වශයෙන් සලකන්නේ ටර්බිනෙල්ලා පයිරම් වර්ගයේ දකුණට කැරකුණු සංඛයයි. මෙය ට්‍රයිටන් විශේෂයක් විය හැකි අතර මතකය අනුව ලංකාවේ ආරක්ෂිත විශේෂයක්.
ලුම්බිණි Saturday, 02 March 2019 10:50 PM
ඇත්තටම මෙතන මොකද්ද වෙච්ච නීති විරෝධී වැඩේ? අත් අඩංගුවට ගත් වාලම්පුරියට මොකද වෙන්නේ? අන්තිමට ඒක කොහාටද යන්නේ?
Chanak los angeles Sunday, 03 March 2019 01:13 AM
දන්නා කෙනෙක් කියනවාද බෙල්ලා කෝටි 3 ක් වටින්නේ ඇයි කියලා ? කව්ද එයට වටිනාකම දෙන්නේ ? මොනවද බෙල්ලා මිනිසාට දෙන සම්පත් ?
Thilina Sunday, 03 March 2019 02:02 AM
නීතිය දන්න කෙනෙක්වත් පොඩ්ඩක් පැහැදිලි කරනවද මේ මනුස්සයා කරපු වැරැද්ද මොකක්ද කියලා. රූපවාහිනී එකේ දැන්වීම් දාලා වාලම්පුරි විකුණනවා. මේ අහිංසක මනුස්සයෙක් අල්ලගෙන හිරේ දානවා
maheshika Sunday, 03 March 2019 06:51 AM
වල්ලපට්ට සීන් එක දැන් ඉවරයි. අලුත්ම එක වාලම්පුරි. මේවා විකිණීමට බැරි මොකද? ඕකට කොටි තුනක් දීලා ගන්න මීහරකෙකුත් ඉන්නවා නම්, ඕක විකුණපු මිනිහා කැමැත්තෙන් එ්ක දෙනවා නම් තව මොනවද?
krishantha Sunday, 03 March 2019 07:08 AM
වාලම්පුරි වාසනාව ගේනවා නම් ලඟ තියාගත්ත කෙනා හිරේ යන්නේ මොකද? සුදු හාල් ගෝනියේ දාපු නිසා වස් වැදිලද?
de silva Sunday, 03 March 2019 09:29 AM
ලංකාවේ පොලිසිය කටයුතු කරන්නේ අපේ කාලය සහ මුදල් විනාශ කරන බහුභූත වැඩවලට, දක්ෂිණාවර්තව කැරකුණ බෙල්ලා ළඟ තියාගන්න, විකුණන්න පුලුවන් නම් වාමාවර්තව කැරකුණ බෙල්ලා විකුණන්න තහනම් මොකද? මම දන්නා තරමින් එ්ක තහනම් කියලා නීතියක් නැහැ. කරුණාකර මේ විකාර නවත්වලා තේරුමක් ඇති වැඩක් කරන්න... අර පිටරටවල ඉන්න අපරාධකාරයින්ට තිබෙන වරෙන්තු ඉන්ටර්පෝල් හරහා එම රටවල්වලට බාරදෙන්න කටයුතු කරන්න.
sena Sunday, 03 March 2019 09:54 AM
වාලම්පුරි සඳහා මේ සතා මරා දැමීමක් සිදුවිය හැකිනිසා තහනම කමක් නැහැ. එහෙම නම් ලඟ තබා ගැනීම ප්‍රවාහනය සහ විකිණීම කියන කාරණා 3ම තහනම් කළ යුතුයි. අනේ මන්දා අපේ රටේ නීති...
de silva Sunday, 03 March 2019 11:13 AM
ලංකාවේ වැලිත් තහනම්, පසුත් තහනම්, බෙලිකටුත් තහනම්, ලීත් තහනම්, මසුත් තහනම්... අඩුම තරමේ රජයට බදුගෙවලා නිපදවන බියර් බෝතලයත් විකුණන්න තහනම් සල්ලි තිබෙනවා නම් මේවා ඕනෑතැනක ගන්න තියෙනවා. මේ ජාවාරම් කරන්නේ බොහෝවිට දේශපාලකයන්ගේ ගෝලයෝ... බලපත්‍ර නිකුත් කරලා නිලධාරීන් විශාල පගාවක් උපාය ගන්නවා.. මනුස්සයෙකුට ජීවත් වෙන්න ගෙයක්, දොරක් හදාගන්න විදිහක් නැහැ. මිනිස්සු පොහොට්ටු වල නැගලා ජීවිතය පරදුවට තබලා හරි රට අතහැරලා යනවා. මෙහෙම ගියොත් ඉදිරියට රටේ ඉතුරු වෙන්නේ, දේශපාලකයෝ, හොර ජාවාරම්කාරයෝ, රජයේ නිලධාරීන් සහ වයසක මිනිසුන් සහ රෝගීන් පමණි. තරුණයා පණ එපා කියලා අරාබි හරි යාවි.. ඉතින් කොහොමද රටක් දියුණු කරන්නේ... අපේ දේශපාලකයන් කරන්නේ තම මඩිය තර කරගැනීමට හැමදෙයකටම විකල්ප ඉදිරිපත් නොකර ඒවා තහනම් කරන එක පමණි...
Bandula. Monday, 04 March 2019 06:19 AM
රටේ ඉහළම තැන වෙන මහා බැංකුව කොල්ල කනකොට බලාගෙන ඉන්න අපේ රටේ මහපොළවට සතු මෙවන් දෙයක් විකුණන්න මිනිහෙකුට බැරි මොකද?
සෙනෙවි Monday, 04 March 2019 02:41 PM
දොර වැහෙනවට තියන්න නියමයි. මට නම් ඊට වඩා වටිනාකමක් පෙනෙන්නෙ නැහැ.
mara Wednesday, 13 March 2019 03:59 AM
ශ්‍රී ලංකා ව දැන් පුංචි කොලොම්බියාවකි. රටේ නීතියක් නැත. නීතිය පාලකයාට අවශ්‍ය ලෙස හසුරවයි.
roshan Sunday, 24 March 2019 12:35 PM
ඇයි මේකට අත්අඩංගුවට ගන්නේ? මොකක්ද නීතිය?
Harsha Thursday, 04 April 2019 04:54 AM
මේක අනිත් අතට නේද කැරකිලා තියෙන්නේ . උඩට එනකොට දකුණට එන්න ඕනි . තහනම් දෙයක් නෙවෙයි . වංචා කරලා කෙනෙක් අහු උනේ එකේ අපි නොදන්නා (ජාවාරමක් ) දෙයක් ඇති . සම්පත් රට යවන්න නරකයි හොරෙන් . ඉස්සරහට මොනවා අල්ලයි ද ඔහොම ගියොත් .
madusanka sameera gamage Thursday, 11 April 2019 06:28 AM
පොලිසියට බෙලිකටු පස්සෙ යන්න තමයි තියෙන්නෙ වෙන වැඩ නෑනෙ අනේ මෙහෙම රටක්......................