IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කෝටි 277 ක මත්කුඩු ගෙන ආ යාත්‍රා හිමිකරු අත්අඩංගුවට

ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ
 
රුපියල් කෝටි 277 ට අධික වටිනාකමකින් යුත් හොරොයින් මත්කුඩු  තොගයක්  බේරුවල මුහුදේ දී  අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය  සම්බන්ධයෙන්  එම මත්කුඩු තොගය  ජාත්‍යන්තර මුහුදු සීමාවේ සිට රැගෙන ආ  ටෝලර් යාත‍්‍රාවේ හිමිකරු යටින්තොට පහළ ගරාගොඩ ප‍්‍රදේශයේ දී යටියන්තොට පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම සැකකරු බේරුවල ප‍්‍රදේශයේ යටින්තොට ප‍්‍රදේශයට පලා ගොස් ඇති බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබිණි.

සැකකරු පොලිසියෙන් බේරීම සඳහා කැලණි ගඟට පැන පිහිනා  යාමට උත්සහ ගෙන ඇති අතර පොලිසිය මහත් පරීශ‍්‍රමයක් යොදා ඔහු අත්අඩංගුවට ගෙන ඇත. 

සැකකරු රැගෙන ඒමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් කණ්ඩායමක් යටියන්තොට ප‍්‍රදේශයට ගොස් ඇති බව පොලිසිය කියයි.

පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මෙම හොරොයින් ප‍්‍රමාණය සැකකරු ඔහුගේ  සොහොයුරා හරහා ඩිංගි බෝට්ටුවකින්  ගොඩබිම  වෙත රැගෙන එමින් සිටියදී  බදාදා (5) රාති‍්‍රයේ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබිණි.



අදහස් (8)

කෝටි 277 ක මත්කුඩු ගෙන ආ යාත්‍රා හිමිකරු අත්අඩංගුවට

Mahee Friday, 07 December 2018 09:41 AM

මෙතෙක් ඇල්ලු හෙරොයින් තොගවල මොළකරුවන් කිසිවිටෙක අත් අඩංගුවට පත් වූ බවක් අපි නම් දන්නේ නැහැ. ඒ නම් ගම් කිසිදාක හෙළිකරන්නේ නැහැ. ඇයි? නීතිය ක්‍රියාත්මක කරන අය තමයි මේ ජාවාරමේ පසුබිමේ ඉන්නේ. මේ සිද්ධියත් ගඟට පැනල පීනපු යාත්‍රා හිමිකරුගෙන් එහාට නොයන බවට මෙන්න සාක්කි.

:       0       0

tommy Friday, 07 December 2018 09:49 AM

මේ මත්කුඩු තොගය රට තුලට පැමිණියා නම් රටේ තරුණ පරපුරට මහා ව්‍යසනයක් සිදු කරන්නට ඉඩ තිබුනා. මෙය වලක්වාලු ශ්‍රී ලංකා පොලිසියට අප සියලු දෙනා ණයගැති විය යුතුයි.

:       0       0

channa Friday, 07 December 2018 12:20 PM

යාත්‍රාෙව් හිමිකරු නොවෙයි ..... කුඩු ගෙනාපු මුදලාලි අත්අඩංගුවට ගන්න

:       0       0

පිටිගල මිලානෝ Friday, 07 December 2018 01:36 PM

මේ වගේ වැඩක් ප්‍රබල දේශපාලකයකුගේ රැකවරණය නැතුව කරන්න බැහැ. මෙවැනි ආයෝජනවල ආවරණය හෝ රක්ෂණය එයයි. එසේ නොමැති නම් මෙවැනි කටයුත්තකට කවුරුත් ආයෝජනය කරන්නේ නැහැ..

:       0       0

jim kuru Saturday, 08 December 2018 02:51 AM

වහාම මරණ දඬුවම් ක්‍රියාත්මක ක‍රන්න

:       0       255

Sanath KandySunday, 09 December 2018 03:56 AM

ඔවුන්ගේ දේශපාලන සම්බන්ධතා වහා හෙළි කළ යුතුයි. උදේ හවස රට ජාතිය ගැන වේදනාවෙන් කතා කරන දේශප්‍රේමී දේශපාලකයින් ඔවුන් පිටුපස සිටිනවා.

:       0       141

PerakumSunday, 09 December 2018 09:19 AM

මෙයාට තියන දේශපාලන සම්බන්ධතාවය අර රට අරාජික වෙන එක ගැන නිතර කියවන එක්කෙනා එක්කනේ...

:       0       40

Uditha - London Sunday, 09 December 2018 04:15 AM

ජනාධිපති තුමා කිව්වේ මරණ දඩුවම ක්‍රියාත්මක කරනවා කියල..... කෝ දැන් ඒවා ගැන සද්දයක් නැහැනේ... අමතක වෙලාවත්ද දන්නේ නැහැ... රට විනාශ වෙලා...

:       0       48

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site