IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කෝටි 2 ක කේරල ගංජා සමඟ දෙදෙනක් අත්අඩංගුවට

 

(රොමේෂ් මධුෂංඛ)

                     

යාපනය සහ මන්නාරම් ප්‍රදේශයන්හි සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් වලදී ඉන්දියාවේ සිට රැගෙන එන ලද රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 142 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු  අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් යාපනය වෙත්තලකේණි, වත්තිරායන් මුහුදු ප්‍රදේශයේ දී සිදු කළ සෝදිසි වැටලීමකදී සැකකටයුතු යාත්‍රාවක් පරීක්ෂා කිරීමේදී ගංජා තොගය සොයා ගෙන තිබේ.

එහි තිබූ පාර්සල් 09 ක කේරල ගංජා කිලෝ 43 ග්‍රෑම් 270 ක ප්‍රමාණයක් සොයා ගත් අතර කේරල ගංජා තොගය රැගෙන යාමට පැමිණ සිටි පුද්ගලයෙකු ද යතුරුපැදියක් සමඟ නාවික හමුදා බාරයට ගෙන ඇත.

මේ අතර මන්නාරම ඉලුප්පකඩවායි කාත්තාරම්පිඩ්ඩි ප්‍රදේශයේ පිහිටි කැලෑවක උතුරුමැද නාවික විධානයට අයත් සෙබළුන් පිරිසක් විසින් සිදු කරන ලද සෝදිසියකදී පාර්සල් 24 ක සඟවා තිබූ කේරල ගංජා කිලෝ 98 ග්‍රෑම් 870 ක ප්‍රමාණයක් සොයාගනු ලැබීය.

කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන විත් මෙරට වෙනත් ප්‍රදේශ වෙතට ප්‍රවාහනය කිරීමට ජාවාරම්කරුවන් සැලසුම් කර ඇති බවට නාවික හමුදාව සැක පළ කරයි.

අත්අඩංගුවට ගත් කේරල ගංජා තොගය හා යතුරුපැදිය සමගින් සැකකරුවන් දෙදෙනා ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා පලෙයි සහ ඉලුප්පකඩවායි පොලිස් ස්ථාන වෙතට බාර දුන් බවට නාවික හමුදාව වැඩි දුරටත් පැවසීය.

 



අදහස් (0)

කෝටි 2 ක කේරල ගංජා සමඟ දෙදෙනක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 79 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site