
( ඔගස්ටින් ප්‍රනාන්දු)
නිතිවිරෝධි ලෙසින් දකුණු ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ බවට සැක කෙරෙන රුපියල් කෝටි දෙකහමාරකට වැඩි වටිනාකම ඇති කේරළ ගංජා තොගයක් එක් දින ධීවර යාත්‍රාවකින් හලාවතට ගෙන එමින් තිබියදි පුද්ගයකු සමඟ අත් අඩංගුවට ගත හැකි වු බව ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ඒකකය කියයි.
ගංජා තොගය කුඩා උර 98 ක අසුරා තිබු බවත් එක් උරයක කිලෝ දෙකහමාරකට ආසන්න ප්‍රමාණයක් තිබු බවත් මේ අනුව කිලෝ දෙසිය පහනහක පමණ ප්‍රමාණයක ගංජා තිබු බවත් කියයි.
සැකකටයුතු ලෙසින් මන්නාරම දෙසින් බෝට්ටුවකින් මෙම ගංජා තොගය ගෙන එන බවට ලද තොරතුරක් අනුව නාවික හමුදාවේ වයඹ විධානයට අයත් පුත්තලම අනු ඛණ්ඩයේ නිලධාරින් හා වෙරළා රක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් කල්පිට කන්දකුලිය මුහුදේ සිට පරික්ෂා කාරි ලෙසින් සිටිය දි එක් සැකකටයුතු එක්දින යත්‍රාවක් ඊයේ (18) සවස හලාවත දෙසට යාත්‍රා කරමින් තිබු බවත් එය ලුහුබැද හලාවත කරුකුපොනේ මෝය දෙසින් හලාවත කලපුවට ඇතුළුවි එමින් සිටිය දි අත් අඩංගුවට ගත් බවත් කියයි.
එහි සිටි සැකකරු හලාවත ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු බවත් කියයි.
සැකකරුහා ගංජා තොගය සම්බන්ධයෙන් නිතිමය වශයෙන් පියවර ගනිමින් සිටින බවත් නාවික හමුදාව කියයි. මේ වන විට මෙම ගංජා තොගය හලාවත කලපුවේ වෙරළාරක්ෂක අනුඛණ්ඩය බාරයේ ඇති බවත් කියයි. වැඩිදුර පරික්ෂණ සිදු කෙරේ.




COMMENTS
ගංජා නීතිගත කරන්න පුළුවන් කෙනෙක් ඊළඟ ජනපති වෙයි...