(යොහාන් භාසුර)
‘වාරි සෞභාග්‍යා’ වැඩසටහනේ ප්‍රතිපාදනවලින් රුපියල් කෝටි 12 ක් වැයකරමින් මහවැලි ‘එල්’ කලාපයේ වාරි ජලාශ 47 ක් ප්‍රතිසංස්කරණය කිරීම මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය ආරම්භ කර තිබේ.
වැලිඔය ප්‍රදේශයේ වගා කටයුතු මහකන්නයට පමණක් ක්‍රියාත්මක වන බවත් නව වාරි පද්ධති ප්‍රතිසංස්කරණය තුළින් යලකන්නයේ කුඹුරු ඉඩම් වගා කිරීමට අවශ්‍ය ජලය නිකුත් කිරීමට හැකි වන බවත් මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය පවසයි.
මෙම වැව් සහ ජලාශ ප්‍රතිසංස්කරණයෙන් පසුව අක්කර 5000 කට ආසන්න භූමි ප්‍රමාණයක වී වගාව සහ අතිරේක බෝග වගාව කිරීමට හැකිවනු ඇති බවත් රුපියල් කෝටියක් වැය කරමින් ප්‍රතිසංස්කරණය කරන නාමල් වැව ආශිතව පමණක් අක්කර 60 ක කුඹුරු ඉඩම් වගා කළ හැකි බවත් මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය කියයි.
COMMENTS