
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
රුපියල් කෝටි 100ක වටිනාකමට රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු මුල්ලේරියාව ගල්වාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
සැකකරුවන් තිදෙනා සමඟ ව්‍යාජ මුදල් පාර්සල් 128ක් පොලිසිය භාරයට ගෙන ඇත.

COMMENTS
ලංකාව දැන් චිකාගෝ වගේ වෙලා. ලෝකයේ තියන දරුණුම අපරාධ මෙහෙ තියෙනවා.
චීනයේද මුද්‍රණය කරලා තියෙන්නේ?
ඡන්දේ කාලේ බෙදන්න ගහපුවා.
කවුද මේ මහමොලකාර දේශපාලඥයා බොහෝවිට පූසෙක් හරි, උකුස්සෙක් හරි විය හැකියි.
ආ.. හොඳයි... හරිම සතුටුයි. කරගෙන යන්න.
දැන් බලන්න ලංකාව පරම්පරා ගණනකට වත් ගෙවාගන්නත් බැරි තරම් ලෝකෙට ණය තියෙන රටක, ණය ගෙවාගන්නත් තවත් ණය ගන්නවා.. එත් කාටද කියන්න පුළුවන් ලංකාවේ මිනිස්සුන්ට සල්ලි නෑ කියලා, මේ තියෙන්නේ ගෙඩි පිටින්.. එතකොට අපේ රටේ තියෙන වාහන...! . ඉතා දියුණු ලොකු ආර්ථිකයක් තියෙන රටවලට දෙවැනි නෑ.
මෙතන මුකුත් හොරබඩු නැත... ගියසැරේ මුහුදින් ආපු නාගයා දීලා ගියාවගෙයි... කළින් සැරේ ආච්චි අම්මට හීනෙන් ගෙනත් දීපුවා තමයි මේ තියෙන්නේ...
ලියකියවිලිවලින් ලංකාව දුප්පත් වුණාට, ලංකාවේ ලෙවල් එක පේන්නේ කාලෙකින් පස්සේ ලංකාවට ආවහමයි. එයාර් පෝර්ට් එකේ ලෝකෙ තියන වටිනාම මෝටර්රථ ඔක්කොම දකින්න පුළුවන්. ලාංකිකයින් හැටියට අපි සතුටු වෙන්න ඕනේ මෙහෙමවත් ජීවත් වෙනවට... කම්මැලි අය තමයි ගෙදරට වෙලා කකා බිබී ඉඳලා ඕවා දිහා බලලා රවන්නේ...