(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
යතුරු පැදියකින් රැගෙන යමින් සිටි රුපියල් කෝටි 10කට අධික වටිනාකමින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ පුද්ගලයකු කුලියාපිටිය හෙට්ටිපොළ මාර්ගයේ කුඹුරුපොළ හන්දියේදී අද(28) අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු කුලියාපිටිය නාගොල්ලාගොඩ අඹගමකුඹුර පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි.
දැනට බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට අයත් බව කියන මෙම මත්කුඩු තොගය සැකකරු විසින් ප්‍රවාහනය කර බෙදාහැර ඇතැයි පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයව ප්‍රසිද්ධියේ එල්ලන්න .............
මෙච්චර කුඩු!!!! අල්ලපුව නැවත අල්ලනවද මන්ද. ඡන්දෙත් ලග එනවලු.
කුලියාපිටිය දෙමවු පියන්ට තියෙන්නේ කුඩු විකුණන අය ගේ පවුල් පිටින් විනාශ කරන්න. කුඩු විකුණන අතලොස්සක් පවුල් කාල බීල ඇඳලා ඉන්නේ අහිංසක දරුවන් ලක්ෂ ගානක ගේ ජීවිත විනාශ කරලා . විශේෂයෙන් සිල්ලර බඩු කඩවල් එක වර දියුණුවෙලා වගේ පෙනෙනවානම් කුඩු, කේ ජී විකුණන ලකුණු.පොලිසිය හිටියට හරිම අඩුයි මේවගේ තැන හොයනවා .
මෙහෙම මත කුඩු ආනයනයක් ලෝකේ කොහෙවත් නැතුව ඇති විශිෂ්ටයි ............
මේ ජනාධිපති වැඩක් කරනවා කියල තේරෙන්නේ අහුවෙන කුඩුකාරයන්ගේ ප්‍රමාණයේ හැටියට . ඔබතුමා සමුගන්න කලින් හැම වර්ගයේම හොරුන් අල්ලා දී සමුගන්න
කුඩු අල්ලනවා අහන්න දකින්න ලැබුනට , අල්ලන කුඩු වලට මොනවද වෙන්නේ ...??? අල්ලපු කුඩු පරිස්සම් කරන්න බාරදීල තියෙන්නෙත් අපේම හොරුන්ට නේද ???
මහා පරිමාණයෙන් කුඩු අහුවුනාට කුඩු ගහන කෙනෙක් නම් අහු වෙන්නේ බොහොම කලාතුරකින්. මේවයි මිළ ගණන් දිහා බැලුවහම කාට අලෙවි කරනවද කියල හිතා ගන්න බැහැ.
මොනවා කරන්නද?