(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රාජගිරිය ඔබේසේකරපුර දෙමහල් නිවසක කාලයක සිට පවත්වාගෙන ගිය කූට ලේඛන සකස්කරන ස්ථානයක් වටලා කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.
එම නිවසේ තිබී ව්‍යාජ ලෙස සකසන ලද රියදුරු බලපත්‍ර, ජාතික හැඳුනුම්පත්, ආදායම් බිල්පත්, වාහන ලියාපදිංචි කිරීමේ සහතික, ඒවා සැකසීමට ගත් ලැමිනේටින් කාඩ් පරිගණයක් ඇතුළු උපකරණ රැසක් පොලිසිය භාරයට ගෙන ඇත.
රුපියල් 5,000 සිට ඉහළ මිල ගණන්වලට මෙම ව්‍යාජ ලිපි ලේඛන සකසා ඇතැයි පොලිසිය කියයි.
සැකකාරිය 36 හැවිරිදි කාන්තාවකි.
අත්අඩංගුවට ගත් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
කව්ද මෙයා අපේ ශෂී නංගි වත්ද?
පාර්ලිමේන්තු මන්ත්‍රීන් ඇතුළු ඒ අයගේ පවුල්වල අයත් මෙවැනි කූට ලේඛන හදල විවිධ වංචා වැඩවලට යොදා ගැනීමටත් පිටරට සංචාර සඳහා යොදා ගැනීමටත් හොඳනම්, මේ වගේ පොඩි අය ඒවගේ "කර්මාන්ත" කරලා කාසි ටිකක් හම්බකරන එක නරකද? මට මතක හැටියට 2015 ඡන්දෙට පෙර, පක්ෂ නායකයන්ගේ අත්සන් හොරට ගහල කූට ලිපි ලේඛන හදපු "කතුවරුනුත්" තවමත් නිදැල්ලේ හැසිරෙනවලු!