(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් කෝටි දෙකකට අධික වටිනා හෙරොයින් මත්කුඩු තොගය හා මිලි මීටර් නවය වර්ගයේ ගිනි අවි සමඟ බණ්ඩාරගම ගැලනිගම නිවසකදී අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරියන් දෙදෙනා අද (06) පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේය.
මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කරන ලද්දේ පොකුණුවිට පදිංචි 28 හැවිරිදි කාංචනා ප්‍රියදර්ශනී එම සැකකාරියගේ සහෝදරයා වූ 26 හැවිරිදි ධනංජය ධර්මකුමාර සහ සැකකරුගේ බිරිඳ 21 හැවිරිදි උපේක්ෂා පියුමි යන තිදෙනාය.
මෙම සැකකරු සහ සැකකාරියන් සමඟ හෙරොයින් මත්කුඩු කිලෝ 192 ක් සහ මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවි 10 ක් මැගසින් 19 ක් සමඟ ඉකුත් 30 වැනිදින පොලිසිය අත්අඩංගුවට ගෙන තිබිණි.
එම සැකකරු හා සැකකාරිය එදිනම රාත්‍රියේ පානදුර අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර දින 5 ක රැඳවුම් නියෝග ලබා ගෙන තිබිණි.
අද (06) දින ද තවත් දින 7 ක කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලිසිය අධිකරණයෙන් අවසර පැතුවද සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින්ගේ කරුණු දැක්වීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා සැකකරු හා සැකකරියන් දෙදෙනා රිමාන්ඩ් භාරයට පත්කළේය.
2025 දෙසැම්බර් මස 30
12
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කෝටි දෙකක හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් තිදෙනා රිමාන්ඩ්
ravi Thursday, 06 February 2020 01:27 PM
හෙරොයින් කිලෝ 192ක වටිනාකම කෝටි දෙකක්ද ..?
Not a slave Thursday, 06 February 2020 01:45 PM
ගාණ කෝටි 200 වෙන්ඩ ඕන.
Asey Friday, 07 February 2020 03:19 AM
හෙරොයින් කිලෝ 192 ක් රුපියල් කෝටි දෙකකට හරි ලාබයි නේද.,...