


රොමේෂ් මධුෂංඛ
යුද සමයේදී කොටි සංවිධානය විසින් වළ දමන ලද කිලෝ 15 ක් බරැති අධි බලැති පීඩන බෝම්බයක් මුලතිව් කොක්කුතුඩුවායි ප්‍රදේශයේ තිබී හමු වී ඇති බව කොක්කුතුඩුවායි පොලීසිය පවසයි.
1984 වසරේදී බෝම්බය වළ දමා තිබූ ඉඩම හිමිකරු විසින් යුද සමයේ දී අතහැර දමා ගොස් ඇති අතර යුද්ධයෙන් පසුව නැවත පදිංචියට පැමිණ ඇත්තේ 2011 වසරේදීය. එහිදී අදාළ හිමිකරු විසින් ඉඩම එළිපෙහෙළි කිරීමට භූමිය සකස් කිරීමේදී මෙම පීඩන බෝම්බය දැක ඒ බව ප්‍රදේශ බාර ග්‍රාම නිලධාරීවරයාට දැනුම් දී පසුව කොක්කුතුඩුවායි පොලීසියට දැනුම් දී ඇත.
පසුව කොක්කුතුඩුවායි පොලීසිය හා කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ සෙබලුන් පිරිසක් පැමිණ අදාළ පීඩන බෝම්බය ගොඩට ගෙන මුලතිව් අධිකරණ නියෝගයකට අනුව නිශ්ක්‍රීය කිරීමට පියවර ගනු ලැබීය.
අදාළ පීඩන බෝම්බය කිලෝ 15 ක බරින් යුක්ත වන අතර යුද සමයේ දී කොටි සංවිධානය විසින් ආරක්ෂක අංශවල යුද ටැංකි ගමන් නැවත්වීම පිණිස මෙම පීඩන බෝම්බ වළදමන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා කරවන්නේ නන්දිකඩාල් වීරයාගේ ගෝලයිනුයි. නම් ගම් කරවන අය අවශ්‍ය වෙලාවට අපි ඉදිරිපත් කරන්නෙමු..